එක් එක් social media තුල භාවිත කල හැකි විශේෂ ක්‍රම

social media part02-image

ලෝකයේ විවිධාකාරයේ Social Media Networks පවතී. ඒ සෑම එකකට අනන්‍ය වූ විශේෂ ලක්ෂණ හා විශේෂ ක්‍රියාකාරකම් පවතී. මේ ඇතැම් ලක්ෂණ සහ ක්‍රියාකාරකම් මත පදනම්ව අපගේ web අඩවි ප්‍රචාරයට විවිධ ක්‍රියාමාර්ගයන් ගත හැකිය. බොහෝ විට බොහෝ දෙනා නොසිතන තැන් මෙලෙස අපට විශාල වශයෙන් ප්‍රයෝජනවත් විය හැකිය. අපි දැන් ප්‍රසිද්ධ social media කිහිපයක එවැනි අවස්ථා හදුනා ගනිමු. 

  • Facebook

බිලියන 2.5 කට අධික active users ප්‍රමාණයක් සිටින Facebook තුලද අපට ප්‍රයෝජනවත්වන තැන් කිහිපයක් පවතී. අද වන විට Facebook page එකක් නොමැති web අඩවියක් නොමැති තරම් වේ. එමෙන්ම Facebook තුල පවත්නා තවත් වැදගත් දෙයක් නම් Facebook group  වේ. Facebook page promote කර ගැනීමට Facebook group යොදා ගැනීම සුලබ දෙයක් උනත් මෙය නිසියාකාරව සිදු කරන්නේ කිහිපදෙනෙකු පමණි. බොහෝ දෙනා භාවිත කරන ක්‍රමය නම් page post group වලට ශෙයාර් කිරීමයි.

ඔබගේ Facebook page , Facebook group වලට join කරවිය හැකි බව ඔබ සහ එහි ප්‍රයෝජන දැන සිටියාද.? 

මුලින්ම ඔබට join වීමට අවශ්‍ය group link එක ගෙන එය page එක තුල post කල යුතු ය. එවිට join group ලෙස දිස් වේ. එය ක්ලික් කල පසු ඔබගේ join request එක group එකට යනු ඇත. මෙම join group යන්න ක්ලික් කල පසු ඔබට එම පෝස්ට් එක delete කල හැක. ඉන් පසු ඔබේ page එක group එකට ගත් විට page එක හරහා විවිධ post group එකට දැමිය හැකි අතර ඉන්පසු එයට like කරන සියලු දෙනාට ඔබගේ page එකට like කරන ලෙස invite යැවිය හැක. එමගින් ඉතා ඉක්මනින් ඔබගේ page promote කර ගත හැකි අතර ඒ මගින් ඔබගේ web අඩවි පරිශීලක සංඛ්‍යාවද ඉහල යනු ඇත. 

  • Twitter

මිලියන 69කට අධික පරිශීලකයන් ප්‍රමානයක් සිටින twitter ද අපගේ web අඩවි පරිශීලකයන් වැඩි කර ගැනීමට යොදා ගත හැකි තවත් ප්‍රබල මාධ්‍යයක් වේ. 

* ඔබගේ business twitter ගිණුමේ ස්ථාන දෙකකට ඔබේ web ලිපිනය දැමිය හැක. ඔබේ profile එකේ edit profile ගිය විට web url එක දැමීමට  text box එකක් තිබෙනු දැකිය හැක. එයට සහ bio එකටද කුඩා විස්තරයක් සමග  url එක ඇතුලත් කල හැකිය.

* එමෙන්ම ඔබ twitter තුල කරන පලකිරීම් අතරින් ඔබගේ web අඩවිය තුල වඩාත් සිත් ගන්නා සුලු ස්ථානයක් ගැන කල පලකිරීමක් profile එක තුල pin කල හැකිය. එවිට යමෙකු ඔබගේ ගිණුමට පැමිණියහොත් මුලින්ම දිස්වන්නේ එයයි. මෙය සිදු කිරීමට post එක තුල ඇති ඩොට් 3 ක්ලික් කර pin to your profile යන්න ක්ලික් කරන්න. 

  • Instagram

ෆේස්බුක් ආයතනයේම තවත් එක් social media paltform එකක්වන Instagram ද බොහෝ දෙනෙකු තම ව්‍යාපාර ප්‍රචාරය කර ගැනීමට භාවිත කරයි. මෙය photos සහ videos share කර ගැනීමට නිර්මාණය කරන ලද්දක්වන අතර ලින්ක් share කිරීමට එතරම් ඉඩ සලසා නැති නමුත් තැන් කිහිපයක් ඒ සදහා යොදා ගත හැකිය.

* මුලින්ම ඔබේ personal account එක ඔබට business account එකක් කර ගත හැකිය. ඒ සදහා setting තුල ඇති account යන්න click කර එහි පහලම ඇති switch account type යන්න click කර business account තෝරා ඔබේ account එක business account එකක් කර ගත හැකිය.

* Account එකෙහි profile වෙත ගොස් එහි edit profile යන්න click කල පසු website link add කිරීමට text box එකක් දැක ගත හැකිය. එහි ඔබේ web ලිපිනය යෙදිය හැක.

* ඔබේ business account එකෙහි setting වෙත ගිය විට business ලෙස තිබෙනු දැක ගත හැකිය. එය click කර saved reply වෙත ගොස් එහි + ලකුන ක්ලික් කර ඔබට නිතර අවශ්‍ය වෙන reply message  save කර තැබිය හැකිය. උදාහරණයක් ලෙස ඔබ ඔබව follow කරන අයට msg එකක් යවන්නේ නම් ” Thanks for following. This is my web site > url ” ලෙස ඔබට ඔබේ msg එක යෙදිය හැකිය. ඊට පහතින් ඇති shortcut තැනට ඔබට පහසුවෙන් මතක තබා ගත හැකි වචනයක් යෙදිය හැකිය. උදාහරණයක් ලෙස follow ලෙස යෙදුවා 

යැයි සිතමු. ඉන් පසු ඔබට මෙම reply එක කාට හෝ යැවීමට අවශ්‍ය වුවහොත්  msg type කරන text box එකෙහි follow යන්න type කල විට sent යන්නට ඉදිරියෙන් icon එකක් දිස්වනු ඇත. එය click කල විට ඔබට අවශ්‍ය msg එක එහි type වේ. ඔබගේ කාලය ඉතිරි කරගෙන web අඩවිය ප්‍රචාරයට මෙය ඉවහල් වේ.

* ඔබේ followers ප්‍රමාණය 10k (10000) ට වඩා වැඩි නම් ඔබට status හරහාද link share කල හැකිය.

  • LinkedIn

LinkedIn කියන්නෙත් Facebook වගේම social media platform එකක් උනත් මේකෙ target එක වෙන්නෙ qualified job market එක වීම විශේෂත්වයක්. ඉතින් මෙහි සිටින බහුතරය යම් තාක් හෝ උගතුන් වීම නිසා ඔබගේ web content වැදගත් නම් ඔබගේ web අඩවිය පරිශීලනයට වැඩි ඉඩකඩක් පවතිනවා. Facebook මෙන්ම මේ තුලද ඔබගේ business ( web අඩවිය ) ප්‍රචාරය කල හැකි ආකාර කිහිපයක්ම පවතිනවා.

     * LinkedIn profile එක හරහා

     * LinkedIn business pages හරහා

     * LinkedIn groups හරහා

     * comment, massage හරහා

  • Pinterest

තවත් එක් වැදගත් තැනක්වන Pinterest තුල අපට images සමග website add කිරීමට හැකිය. මෙහි ප්‍රධානම වාසියක් නම් google images වලද මෙම Pinterest images ඉහලින්ම පෙන්වීමයි.

* Pinterest තුල boards සහ pin ලෙස කොටස් 2ක් ගැන අප දැන ගත යුතුය. Pinterest account එක තුල  ඇති + icon එක click කර මේවා සැකසිය හැකිය.

* මුලින්ම board යන්න click කර ගැලපෙන නමක් ලබා දී board එකක් සැකසිය හැකිය. උදාහරණයක් ලෙස ඔබ technology සම්බන්ධ වෙබ් අඩවියක් කරන්නේ නම් ict , electronic යනාදී නම්වලින් board නිර්මාණය කල හැකිය.

* පසුව මෙම board සදහා pins ඇතුලත් කල යුතු වේ. මේ සදහා අන් අයගේ pin සහ ඔබ සකසන pin ඇතුලත් කල හැකිය. 

* Home එක තුල ඔබ follow කල topic වලට අදාල අන් අයගේ pins විශාල ගණනක් තිබෙනු දැකිය හැක. එවායින් ඔබේ board එකට ගැලපෙන pin එකක් තෝරා click කරන්න. එවිට save ලෙස button එකක් දිස් වේ. එය click කර ඔබේ board එක තුලට එම pin එක එකතු කල හැකිය. මෙලෙස එක් board එකකට අන් අයගේ pin 20 ක් පමණ ඇතුලත් කිරීම සුදුසු වේ.

* Pinterest ගිණුම තුල ඇති + icon එක click කර pin යන්නට ගොස් ඔබට pin එකක් සැකසිය හැකිය. මෙහිදී ගැලපෙන title එකක් image එකක් description එකක් සහ ඔබේ web අඩවියේ url එක ඇතුලත් කල යුතු වේ. ඉන් පසු මෙය ඔබගේ board එකට ඇතුලත් කල හැක. මෙලෙස එක board එකකට ඔබේ pin 2ක් පමණ දැමීම සුදුසු වේ.

ඔබේ board සදහා අන් අයගේ pin යොදා ගැනීම තුලින් ඉක්මනින් ඔබේ followers ප්‍රමාණය වැඩි කරවා ගත හැක. ඇතැම් විට ඔබ යොදාගත් pin එකෙහි අයිතිකරුවන්ද ඔබව follow කරනු ඇත. 

  • YouTube 

YouTube ද ඔබගේ web අඩවියේ ප්‍රවර්ධනය සදහා යොදා ගත හැකි තවත් ප්‍රබල මාධ්‍යයක් වේ. ඔබගේ වෙබ් අඩවි article සදහා වීඩියෝ url ඇතුලත් කිරීම එහි සාර්ථකත්වයට පිටුවහලක් බව ඔබ ඇතැම් විට දන්නවා ඇති. ඉතින් ඔබගේ article සදහා සුදුසු videos, YouTube වෙත upload කල හැකිය. එමෙන්ම කාලයත් සමග ඔබට එයින්ද යම් මුදලක් ඉපැයිය හැකි වීම අමතර වාසියකි. 

එමෙන්ම ඔබගේ web site content වලට අදාල ප්‍රසිද්ධ YouTube channel වලට යම් මුදලක් ගෙවා ඒවාහිද ඔබගේ වෙබ් අඩවිය ප්‍රචාරය කල හැකිය.

  • Reddit

Reddit යනු අපේ web අඩවියට traffic හදාගන්න පාවිච්චි කල හැකි ඉතාමත් හොද social media එකකි. Facebook වලටත් වඩා විශාල traffic එකක් අපිට මේ reddit එක නිවැරදිව භාවිත කිරීමෙන් ගන්න පුළුවන්. නමුත් අනෙක් සියල්ලටම වඩා මෙහි නීති නම් ගොඩක් වැඩියි. ඉතින් මේකෙන් traffic එක හදාගන්න අපිට ඉවසීමත් තිබිය යුතුයි. මේ reddit වල විශාල සහ කුඩා groups තිබේ. ගොඩක් විශාල botලා manage කරන groups පවතී. එමෙන්ම් මිනිසුන් manage කරන කුඩා groupsද පවතී. මෙම groups sub reddit ලෙස හදුන්වයි. මෙම sub reddit වල අපිට අවශ්‍ය අවශ්‍ය ඕනෑම මොහොතක post දැමිය නොහැක. එක් එක් sub reddit වල විවිධාකාර නීති පවතී. මෙම විශාල sub reddit වල පෝස්ට් දැමීම සදහා අපිට karma ලෙස හැදින්වෙන දෙයක් අවශ්‍ය වෙනවා. කුඩා sub reddit තුල පෝස්ට් දැමීමෙන් ඒවාට ලැබෙන upvotes හරහා මේවා එකතු කර ගත හැකිය. ඉතින් මාස කිහිපයක් මේ විදියට karma එකතු කර විශාල sub reddit එකක පෝස්ට් එකක් දැමීමට ලැබීම තුලින් අපේ web අඩවියට ඉතා විශාල traffic එකක් ගන්න පුළුවන්. මොකද මේ sub reddit වල මිලියන සංඛ්‍යාත පිරිසක් එකතු වී සිටිනවා.

  • Quora

ඕනිම විෂය ක්ෂේත්‍රයකටම අදාල questions සහ ඒවාට answers හුවමාරු කර ගන්නා  ලොව හොදම web අඩවිය ලෙස quora හැදින්විය හැක. මෙය ඔබගේ web අඩවියට පරිශීලකයන් ගෙන්වා ගැනීමට පිටුවහලක් කරගත හැකි වේ.

* ඔබ මෙයට register වන විට ඔබ කැමති topic 10ක් තෝරා ගත යුතුය. ඒ සදහා ඔබගේ web අඩවියේ content වලට අදාල topic තෝරා ගන්න.

* ඔබගේ quora profile එක ඉතාමත් වැදගත් අයුරින් පැහැදිලිව සකසා ගන්න. වැදගත් පෙනුමැති ඔබගේ ජායාරූපයක් , සරල වගේම ඔබගේ හැකියා ඉස්මතු වී පෙනෙන ආකාරයේ bio එකක් යනාදිය යොදා ඔබගේ ගිණුම සකසා ගන්න. 

* ඉන්පසු ඔබ අන් අයගේ ප්‍රශ්නවලට පිලිතුරු දීමේදී කෙලින්ම ඔබේ web ලිපින නොයොදා අදාල ප්‍රශ්නෙට සරල සහ සිත් ඇදගන්නා අයුරින් පිලිතුරු දී වැඩි දුර කියවීම් හෝ වෙන යම් සුදුසු අයුරකින් ඔබේ අදාල web ලිපින යොදන්න.

* එසේම ඔබ ඔබේ වෙබ් අඩවියට අලුත් යමක් එක් කල විට නව quora ගිණුමකින් ඊට අදාල ප්‍රශ්න අසා ඔබේ ප්‍රධාන ගිණුමෙන් පිලිතුරු දීම මගින්ද වෙබ් අඩවියට පිරිස් ගෙන්වා ගත හැකි වේ. 

  • Medium 

Medium යනු ලොව පුරා පුද්ගලයන්ගේ විවිධ අදහස් සහ කතන්දර හුවමාරු කර ගැනීමට සැකසූ social platform එකකි. එයින්ම ඔබට තේරෙනවා ඇති ඔබගේ වෙබ් අඩවි ප්‍රවර්ධනය සදහා මෙය යොදා ගත හැකි බව. 

* ඔබගේ Medium ගිණුමේ bio එකෙහි ඔබගේ web ලිපිනය ඇතුලත් කල හැකිය.

* එසේම සිත් ඇදගන්නා සුලු අයුරින් medium තුල අදහස් හුවමාරු කරගනිමින් article සහ comment ලෙස ඔබගේ web අඩවිය ප්‍රචාරය කර ගත හැකිය. 

ඉතින් ඔබට මුලින්ම මේ ඕනෑම social media එකකට ඇතුලත් වූ විගස සුදුසු audience එකක් සදා ගැනීමට අපහසු නමුත් දිනෙන් දින ක්‍රම ක්‍රමයෙන් කාලයත් සමග පිරිස එකතු කරගෙන සාර්ථකත්වය ලගා කර ගත හැකි වේ.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......