මොකක්ද මේ කවුරුත් කතාවෙන WordPress?

wordpress-image

මේ ලෝකයේ WordPress කියන වචනෙ  අහලා නැති කෙනෙක් නැති තරම්. ඔබ web development ගැන interesting කෙනෙකු නම් අනිවාර්යයෙන් මේ වචනෙ අසා ඇති. අපි බලමු මේ ගැන වැඩිදුර කරුණු. WordPress කියන්නෙ මොකක්ද ? ඇයි අපි WordPress තෝරගන්න ඕනි ? මේකෙ තියෙන වාසි අවාසි වගේ ගොඩක් වැදගත් දේවල් අපි බලමු.

WordPress කියන්නෙ වෙබ් සයිට් හදන්න පාවිච්චි කරන software එකක්. මේවා Content Management System (CMS) කියලා හදුන්වනවා. CMS යොදාගෙන අපිට අවශ්‍ය ආකාරයට web අඩවි නිර්මාණය කරගන්න පුළුවන්. ලෝකයේ විවිධ CMS විශාල ගණනක් තිබෙනවා. Shopify , Joomla , Drupl , Wix යනු තවත් එවැනි CMS කිහිපයක් වේ. මේවා යොදාගෙන අපට web අඩවි නිර්මාණය කරන්න පුළුවන්. වැදගත්ම කරුණ නම් WordPress මගින් web අඩවි නිර්මාණයට අපට කිසිදු programming දැනුමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒ නිසා WordPress භාවිත කිරීම ඕනෑම අයෙකුට පහසුවෙන් කල හැකි වේ.

WordPress හි ජනප්‍රියත්වය

WordPress හි වාසි ගැන බැලීමට කලින් මෙහි ජනප්‍රියත්වය ගැන බැලීම සුදුසුයි. ලෝකයේ විවිධ CMS පවතින බවත් WordPress ඒ අතරින් එකක් බවත් ඔබ දැන් දන්නවා. 2021 පෙබරවාරි මුලවන විට ලෝකයේ ඇති web අඩවිවලින් විවිධ CMS යොදා සැකසූ ඒවා අතරින් 64% ක් පමණ WordPress site වේ. එනම් CMS අතරින් WordPress පලමු තැන ගන්නවා මෙන්ම දෙවැනි තැන ඇති Shopify web අඩවි ඇත්තේ 3% ක පමණ ප්‍රමාණයකි. එමෙන්ම ලෝකයේ ඇති සියලුම web අඩවි අතුරින් 40% කට වැඩි ප්‍රමාණයක් WordPress site වේ. කොතරම් පිරිසක් WordPress සමග එකතු වී සිටිනවාද යන්න මෙමගින් ඔබට පැහැදිලි වනු ඇති.

එමෙන්ම ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ වෙබ් අඩවි විශාල ගණනක් සදහාද wordpress යොදාගෙන තිබෙනවා. Tech Crunch , Microsoft News , BBC America , Facebook Newsroom , Playstation , Skype , NewyorkTime , Sony Music වැනි web අඩවි මේ අතර වෙනවා.

WordPress භාවිතයේ ප්‍රධාන වාසි 7ක්

  •  නොමිලේ ලබා දීම.

WordPress නොමිලේ ලබාදෙන open source project එකක් වීම නිසා ඕනෑම අයෙකුට ගෙන භාවිත කල හැකිය. මෙය මෙහි ප්‍රධානම වාසියක් වේ.

  • පහසුවෙන් ඕනෑම අයෙකුට භාවිත කල හැකි වීම.

WordPress මගින් web අඩවි නිර්මාණයට කිසිදු programming දැනුමක් අවශ්‍ය නොවන බව පැවසූවා ඔබට මතක ඇති. ඉතින් අප programming භාවිතයෙන් web අඩවි නිර්මාණය කරන්නේ නම් අප අවම වශයෙන් html , css , javascript , php , sql වැනි පරිගණකය භාශා මෙන්ම මේවා එකිනෙන නිසියාකාරව සම්බන්ධ කරගනිමින් වැඩ කටයුතු කරන ආකාරය වැනි බොහෝ දේ ඉගෙන ගත යුතු වේ. එමෙන්ම මේ සදහා සැලකිය යුතු කාලයක්ද වැය වේ. මේවා ඉගෙන ගැනීමටද විශාල කාලයක් මෙන්ම වියදමක්ද යා හැකිය. නමුත් WordPress ඉගෙන ගැනීමට එතරම් කාලයක් ගත නොවන අතරම එය ඉතාමත් පහසුවෙන් භාවිතා කල හැකි වේ.

  • ඕනෑම ආකාරයක web අඩවි නිර්මාණය කල හැකි වීම.

WordPress හදුන්වා දුන් මුල් කාලයේ එයින් blog ආකාරයේ web අඩවි පමණක් සැකසිය හැකි උනත් මේවන විට ඕනෑම ආකාරයක web අඩවියක් මෙමගින් සැකසිය හැකි වේ. WordPress ප්‍රසිද්ධ වීමටද මෙය විශේෂ හේතුවක් වෙනවා. blog පමණක් සැකසිය හැකිව තිබූ කාලයේ අනෙකුත් ආකාරයක web අඩවියක් සැකසීමට නම් programming යොදා ගත යුතු උනත් ක්‍රම ක්‍රමයෙන් විවිධාකාරයේ web අඩවි නිර්මාණය කල හැකිවීමත් සමග WordPress භාවිතයද ඉහල ගියා. මේවන විට WordPress භාවිතයෙන් සැකසිය නොහැකි web අඩවියක් නොමැති තරම්. blog , LMS , e-commerce , business , social media, listing යනාදී ඕනෑම ආකාරයක web අඩවි මෙමගින් සැකසිය හැකිය.

  •  පහසුවෙන් WordPress පිලිබද ගැටලු විසදාගත හැකි වීම.

ලොව පුරා ඉතාමත් විශාල පිරිසක් WordPress භාවිත කිරීම නිසා ඒ පිලිබද තොරතුරු ලබා ගත හැකි තැන් මෙන්ම දැනුමැති පුද්ගලයන්ද පහසුවෙන් සොයා ගත හැකි වේ. එනිසා ඔබට පැමිණෙන ඕනෑම ආකාරයක ගැටලුවක් පහසුවෙන් විසදා ගත හැකි වේ. එමෙන්ම ඔබට පැමිණෙන ප්‍රශ්න බොහෝ විට මීට පෙර තවත් අයට ඇති වූ ඒවා විය හැකිය. ඉතින් ඔබේ ප්‍රශ්නය google search කර අන් අය ඇසූ එම ප්‍රශ්නයට  ලැබී ඇති විසදුම් බලා පහසුවෙන් සාර්ථක විසදුමක් සොයා ගත හැකි වේ.

  •  SEO Friendly වීම.

SEO ( search engine optimization ) යනු අපගේ web අඩවිය search engine ( google වැනි) තුල ඉහලට කර පෙන්වීමට භාවිත කරන ක්‍රමවේදයන් වේ. WordPress තුල මෙම කාර්යයන් ඉතාමත් පහසුවෙන් කල හැකි වේ. ඒ සදහාම විශේෂ වූ plugin ද WordPress හි පවතී. අප සාමාන්‍යයෙන් programming යොදාගෙන මෙය කිරීමට ගියහොත් විශාල කාලයක් වැය වේ. එමෙන්ම වෙනත් අයකු ලවා කරවා ගැනීමටත් විශාල වියදමක් දැරීමට සිදු වේ. නමුත් WordPress තුල මේවා already සකසා තිබීම නිසා අපට අවශ්‍ය පරිදි යොදා ගත හැකිය.

  •  Security

WordPress හි හොද security එකක් පවතිනවා මෙන්ම නව security issue එකක් සොයා ගත් විගස එය නැති කර ගැනීමට updates එවයි. එසේම web අඩවිවල security එක වැඩි කරවා ගැනීමටද WordPress හි විවිධ පහසු ක්‍රම පවතී. නමුත් අප programming යොදාගෙන වෙබ් අඩවි නිර්මාණයේදී developerට අමතරව තවත් web security සම්බන්ධ දැනුමැති පුද්ගලයෙකු web අඩවියේ security සෑදීමට යොදා ගත යුතු වේ. එයද WordPress හි පවතින වාසියකි. එසේම hacker කෙනෙකු බොහෝ විට web අඩවියක් hack කිරීමට උත්සාහ කිරීමේදී එය WordPress site එකක් නම් බලන්නේ web අඩවියේ update නොවූ තැන්වලට පහර දීමටයි. ඔවුන් නව දුර්වලතා සෙවීමට උත්සාහ නොකරයි. නමුත් WordPress නොවන web අඩවියක් hack කිරීමට උත්සාහ කිරීමේදී දන්නා සියලුම ආකාරයේ ප්‍රහාරයන් උත්සාහ කර බලයි. එනිසා නිතර update එකේ සිටීම තුලින් WordPress තුල මනා security එකක් පවත්වා ගත හැකි වේ.

  •  Loading Speed

web development තුලදී loading speed සදහා වෙනම අය කිරීමක් සිදුකරයි. ඒ loading speed එක web අඩවියක ඉතාමත් වැදගත් කරුණක් නිසාවෙනි. ඔබ උනත් slow වෙබ් අඩවියකට යාමට කැමැත්තක් දක්වන්නේ නෑ නේද? ඉතින් වෙබ් අඩවිවල loading speed වැඩි කිරීම සදහාද WordPress තුල විවිධ plugins පවතී.  මේවා භාවිත කොට පහසුවෙන් WordPress වෙබ් අඩවිවල loading speed වැඩි කර ගත හැකිය.

මෙම ප්‍රධාන වාසිවලට අමතරව තවත් වාසි විශාල ප්‍රමානයක් WordPress හි පවතී. ඔබ WordPress භාවිත කිරීමට පටන් ගත් විට මේවා ඔබටම තේරුම් ගත හැකිවනු ඇත.

WordPress හි අවාසි ගැන නම් කතා කිරීම නම් ඇත්තටම අමාරුයි. හේතුව නම් අවාසි තියෙන තියෙන දේවල් WordPress විසින් නැති කරගෙන ඉදිරියට ඒමයි. හොදම උදාහරණය ඉස්සර සෑදිය හැකි වෙබ් අඩවි ආකාර සීමා උනත් දැන්වන විට ඕනෑම ආකාරයක වෙබ් අඩවියක් සැකසිය හැකි වීමයි. තවත් සමහරු පවසන දෙයක් නම් අපට වුවමනා ඇතැම් දේවල් pro version වල තිබෙන නිසා මිල දී ගැනීමට සිදු වීම අවාසියක් බවයි. නමුත් සිතා බැලුවොත් අපි සාමාන්‍යය ආකාරයට web අඩවියක් නිර්මාණය කිරීමට ගියත් ඒ සදහා යන කාලය , වියදම සමග බලන විට මෙය අවාසියක් ලෙස සැලකිය හැකි නොවේ. Hosting සදහා සාමාන්‍යයෙන් සැලකිය යුතු වියදමක් දැරිය යුතු වුවත් අනෙකුත් වාසි සමග සසදන විට මෙය නොසලකා හැරිය හැකි තරම් දෙයක් වේ.

ඉතින් මෙතෙක් කතා කරපු දේවල් සියල්ල බැලූ විට අප WordPress තෝරාගත යුත්තේ ඇයි යන ප්‍රශ්නයට පිලිතුර සිතාගත හැකිවේ. WordPress භාවිත කරන්නන් සීඝ්‍රයෙන් වර්ධනය වීම තුලින්ද මෙහි වැදගත්කම අපට අවබෝධ කර ගත හැකි වේ. WordPress වෙබ් අඩවි අනෙක්

වෙබ් අඩවිවලට සාපේක්ෂව ඉහල යන වේගය ඉතා ඉක්මන් වේ. එසේම web අඩවි නිර්මාණය කරන්නන් සදහා පැමිණෙන බොහොමයක් orders ද පැමිණෙන්නේ WordPress වලින් නිර්මාණය කර දෙන ලෙසයි. එනිසා WordPress වෙබ් අඩවි නිර්මාණය ඉගෙන ගැනීම ඉතාමත් වටිනා දෙයක්වනු ඇත.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......