මොකක්ද මේ AdSense කියන්නේ?

AdSense 01-image

Google Adsense කියන්නේ Google සමාගමේ තියෙන Google හා අනුබද්ධ සමාගම් වලින් එකක්. මේක දැන්වීම් ප්‍රචාරණය (Online Ads Publisher) සදහා ඉඩ කඩ ලබා දෙන ලෝකේ තියෙන ලොකුම ආයතන වලින් එකක්.

Adsense එකෙන් කොහොමද අපිට දැන්වීම් ප්‍රචාරණය කරන්න දෙන්නේ? කොහෙන්ද Adsense එකට Ads? 

මේක වෙන්නේ මෙහෙමයි, Google ආයතනේ තවත් අනුබද්ද සමාගමක් තියෙනවා Google Adword කියලා, ඔයා සමහරවිට අහලත් ඇති ඇති. මේකෙන් තමයි Adsense එකට Ads ලැබෙන්නේ. මේකෙන් කරන්නේ ප්‍රචාරණය සදහා දැන්වීම් බාරගන්න එකයි. ඒක වෙන්නෙ මෙහෙමයි. හිතන්න ඔයා අන්තර්ජාලය හරහා Website එකකින්  Hand Made Items විකුණන ව්‍යාපාරයක් කරනවා කියලා. දැන් ඔයාට අවශ්‍යයි ඔබේ Sales වැඩිකරගන්න. ඔයා දන්නවා Sales වැඩි කරගන්න නම් Website එකට එන පිරිස වැඩිකරගන්න වෙනවා. මේ සදහා ඔයාට පුළුවන් Google Adword භාවිත කරන්න. මෙතනදී  Google Adword වෙත මුදල් ගෙවා ඔබ ඔබේ ව්‍යාපාරය ප්‍රචරනය කරන එක තමයි.

TV එකේ හරි Radio එකේ හරි Ad එකක් දැම්මා නම් අහන්න දකින්න ලැබෙනවා, එත් මේකේ කොහොමද වෙන්නෙ? 

අන්න අතනදී තමයි Google Adsense හි ක්‍රියාකාරිත්වය ඇරබෙන්නේ. Google Adword විසින් ලබාගන්න දැන්වීම් Google Adsense හරහා විවිද ක්‍රම ඔස්සේ එම Ads ප්‍රචාරණය වෙනවා.

මොනවද ඒ ක්‍රම?

Adsense විසින් එම Ads ප්‍රචාරණය සදහා Adsense හා සම්බන්දව ඇති ලොව පුරා Website පවත්වන් යන්නන්ගේ Websites වගේම Google සමාගමේ Subsidiaries ආයතන භාවිත කරනවා. Blogs කරණ අයගේ Blogger sites, Youtube Channel පවත්වන් යන අයගේ Youtube Channel’s Videos, CSE (Custom Search Engine) පවත්වන්යනන්ගේ CSE Websites සහ Mobile Apps කරන අයගේ Apps වගේ ඒවා. ඒ වගේම සමහර Ads Google SERP එකේම පෙන්නන්නවා එයාලා.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......