මොකක්ද මේ SEO?

what is SEO-image

SEO එහෙමත් නැත්නම් Search Engine Optimization කියලා කියන්නේ සරලවම යම් කිසි Search Engine එකක් ඇතුලේ අපේ වෙබ්සයිට් එකක් නිවැරදිව රෑන්ක් කරගන්න කරන්න ඕන වැඩ කටයුතු ටිකට. තව විදිහකට කිව්වොත් වෙබ්සයිට් එකකට Search engine වල සෙවුම් හරහා ලැබෙන Traffic එක ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව  ඉහල නංවන්න තියෙන සාර්ථකම සහ පිළිගත් ක්‍රමය විදිහට අපිට මේ SEO හඳුන්වන්න පුළුවන්. On Page SEO / On Site SEO / Off Page SEO / White Hat SEO / Black hat SEO කියලා SEO කරන්න භාවිතා වෙන ක්රම කිහිපයක්ම තියෙනවා. මේවා එකින් එක අනුව ප්රතිඵල ලැබෙන විදිහත් වෙනස් වෙනවා ඉතින් දැන් අපි එකින් එක බලමු මේ ක්රම මොනවද, කොහොමද මේ ක්රම අනුගමනය කරන්නේ කියලා බලමු.

SEO වලදී බහුලව භාවිතා වෙන ප්රධාන වචන කිහිපයක් තියෙනවා. ඉස්සරලම ඒ මොනවද කියලා බලලා ඉමු.

Keywords – අපි Search Engine එකක මොනයම්ම හෝ දෙයක් සෙවීමට භාවිතා කරන ඕනෑම වචනයක් Keyword එකක් විදිහට විදිහට හඳුන්වන්න. උදාරණයක් විදිහට ඔයා ගුගල් එකේ Sri Lanka කියලා ටයිප් කරනවා නම් එතැනදී Keyword එක වෙන්නේ Sri Lanka කියන එක. ඒ වගේම එක වචනෙකට වැඩියෙන් භාවිතා කරලා යමක් හොයද්දි අපි ඒකට කියන්නේ Search Term එකක් කියලා. උදාහරණෙකට ඔයා Beutiful places in Sri Lanka වගේ එකක ගුගල් සර්ච් කරොත් ඒක හඳුන්වන්නේ Search Term එකක් විදිහට. කොහොම උනත් පොදුවේ මේ ඔක්කොම Keywords තමයි.

Backlinks – Backlink එකක් කියලා කියන්නේ එක වෙබ් පිටුවක ඉඳලා තවත් වෙබ් පිටුවකට යොමු කරන්න භාවිතා කරන link එකකට. මෙතැනදී ඔයාගේ වෙබ්සයිට් එකේම වෙනත් පිටුවකට හෝ ස්ථානයකට යොමු කරන්න භාවිතා කරන link internal links විදිහටත් වෙනත් වෙබ් අඩවියක ඉඳල ඔයාගේ වෙබ් අඩවියට එන්න පල කරන link External links විදිහටත් හඳුන්වනවා. (Backlincks කියන්නේ මේ වගේ සරලව පැහැදිලි කරාට ගොඩක් wide area එකකට විහිදෙන topic එකක්)

Ranking – සෙවුම් යන්ත්රයක (ප්රධාන වශයෙන්ම Googleහි) Search result වල ඔයාගේ වෙබ් පිටුව පෙන්වන තැන තමයි වෙබ්සයිට් එකේ රෑන්කින් එක විදිහට හඳුන්වන්නේ. වෙබ් පිටුවක් රෑන්ක් වෙන්න සහ රෑන්ක් කරන්න බලපාන සාධක හඳුන්වන්නේ Ranking Factors විදිහට.

හරි අපි දැන් බලමු On Page SEO කියන්නේ මොකක්ද කියලා?

On Page SEO කියලා ප්රධාන වශයෙන්ම හඳුන්වන්නේ ඔයාට රෑන්ක් කරන්න අවශ්ය වෙබ් පිටු තනි තනිව SEO වලට ගැලපෙන විදිහට optimize කරන එක. මෙතනදී ඔයාගේ වෙබ් පිටුවේ අන්තර්ගතය සහ HTML කෝඩ් එක කියන දෙකම optimize කරන්න පුළුවන්. වෙබ් පිටුවේ URL එක Title එක සහ අන්තර්ගතය(Content) එක තුල Keywords භාවිතා කිරිම, Image Optimize කිරීම, internal links භාවිතා කිරීම වගේ දේවල් තමයි ප්රධාන වශයෙන්ම On Page SEO වලදී සිදු කරන්නේ. විශේෂම දෙය තමයි වෙබ් සයිට් එකක් Google Search Result වලට ඇතුලත් කරගන්න අත්යවශ්යම සහ වැඩියෙන්ම බලපාන සාධකය විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්.

On Site SEO?

වෙබ් පිටුවක් On Page SEO කරන්නවා වගේම මිට අමතරව වෙබ් එක හදන්න බාවිතා කරලා තියෙන Themes & Plugins ගැන සැලකිලිමත් වීම, වෙබ් පිටුව Load වෙන්න යන කාලය අවම කිරීම, ස්මාට් දුරකථන භාවිතා කරන්නන්ට පහසුවෙන් නැරඹිය හැකි විදිහට වෙබ් පිටුව Mobile Responsive සහ AMP ලෙස සැකසීම, ගුණාත්මක අන්තර්ගතයක් (Quality Content) එකක් තිබීම වගේ කාරණා මෙම On Site SEO යටතට අයත් වෙනවා.

එතකොට Off Page SEO කියන්නේ මොනවද?

On Page SEO වල අපි අපේ වෙබ් පිටුව ඇතුලෙම සැකසීම් සිදු කලාට Off Page SEO වලදී අපි කරන්නේ අපේ වෙබ් අඩවියෙන් පිටතින් අවශ්ය සැකසීම් සිදු කිරීමයි. ප්රධාන වශයෙන්ම මේකෙදි භාවිතා වෙන්නේ Backlink නිර්මාණය කිරීම කියලා කියන්න පුළුවන්. Backlink නිර්මාණය කරන ක්රම කිහිපයක් තිබෙනවා. වෙනත් කෙනෙකුගේ වෙබ් අඩවියක ඔයාගේ වෙබ් පිටුවේ Link එකක් සහිත Post එකක් පල කරවීම (Blog post), ආරාධිත ලිපි පල කරන්න පුළුවන් වෙබ් අඩවි වල ඔබේ link එකක් සහිත ලිපි පල කිරීම (Guest posting),  Comment පල කිරීම, සමාජ මාධ්ය ජාල භාවිතා කිරීම වගේ දේවල් මේ අතරින් ප්රධාන තැනක් ගන්නවා. යම් වෙබ් අඩවියමක නිවැරදිව හා සාර්ථකව SEO කරල ප්රතිඵල ලබා ගැනීමට නම් On Page SEO වගේම Off Page SEO කියන ක්රම දෙකම හොඳින් සිදු කරලා තියෙන්න ඕන. විශේෂයෙන් මතක තියාගන්න Off Page SEO සඳහා භාවිතා කරන ක්රමය කුමක් උනත් එය ගුණාත්මකව සිදු කරන්න ඕන. මොකද Backlinks නිර්මාණය කියන්නේ බොහොම සංයමයකින් යුතුව පරිස්සමට කරන්න ඕන වැඩක්. එහෙම නැතුව හැමතැනම link එක දාන්න ගියොත් සයිට් එක ගුගල් එකේ රෑන්ක් වීම කෙසේ වෙතත් Blacklist වෙන්නත් ඉඩ තියෙනවා.

White Hat SEO

White Hat SEO කියලා හඳුන්වන්නේ ගුගල් ඇතුළු Search Engine වල නීති රීති සහ රෑන්ක් කිරීමේ ක්රමවේද අකුරටම පිළිපදිමින් SEO කිරීමයි. සරලවවම කියනව නම් නිත්යානුකුලව වැඩේ කරන එක තමයි White Hat SEO විදිහට හැඳින්වෙන්නේ.

White Hat SEO වල වැදගත්කම මොකක්ද?

හිතන්නකෝ ඔයට මුදල් උපයන්න ඕන තරම් ක්රම තියෙනවනේ. හැබැයි හොර පාරෙන් සල්ලි හොයන්න ගියොත් වෙන්නේ අමාරුවේ වැටෙන්න. අන්න ඒ වගේ SEO කරද්දී White Hat SEO ක්රම අනුගමනය කලේ නැත්නම් ඔයාගේ වෙබ් අඩවිය ගුගල් ඇතුළු Search Engine වල තහනමට (Penalty) ලක් වෙන්න පුළුවන්. එහෙම උනොත් ඉතින් කොච්චර මහන්සි වෙලා SEO කරත් සයිට් එක රෑන්ක් කරගන්න නම් ලැබෙන්නේ නැහැ.

Black hat SEO

Search Engine වල නීති රීති වලට පිටින් ගිහින් කරන දේවල් හඳුන්වන්නේ Black hat SEO විදිහට. ප්රධාන වශයෙන්ම ගුණාත්මක නැති සහ Visitors ලව නොමග යවන විදිහේ Content ඇතුලත් කිරීම, අදාළ නැති සහ ප්රමාණයට වඩා Keyword භාවිතා කිරීම, මුදල් ගෙවල විශාල වශයෙන් මිලදී ගන්න backlinks, Comment වල Spam කිරීම, Bot හෝ Script භාවිතය වගේ දේවල් අයත් වෙන්නේ Black hat SEO ක්රම වලට.

ඉතින් Black hat SEO  කරලා Ranking හදාගන්න බැරිද?

බැරි නෑ පුළුවන්. හැබැයි ඉතින් පැවැත්ම අඩුයි. මොකද Search Engine එකකට තේරුනාම ඔයාගේ වෙබ් පිටු රෑන්ක් වෙලා තියෙන්නේ එයාලගේ නීති වලට පිටින් කියලා හෝ, Black hat SEO වලදී Search Engine නොමග යවන්න යොදාගන්න ඒවායේ තියෙන සමහර වැරදි අදාළ සමාගම් විසින් identify කරගත්තම ඔයාගේ වෙබ් පිටු වලට ලැබිලා තිබුන රෑන්කින් එක නැති වෙලා යන්න පුළුවන්. සමහර වෙලාවට ආයේ කිසිම දවසක රෑන්කින් වලට ඇතුලත් කරගන්නත් නොහැකි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි Visitorsලා නොමග යවලා වෙබ් පිටුවට ගෙන්වා ගන්නා හින්දා Black hat SEO හරහා ලැබෙන Traffic වලින් දිගුකලීන ප්රයෝජනයක් ගන්න හැකි වෙන්නේ නෑ. මේ නිසා පුළුවන් තරම් Black hat SEO වලින් ඈත් වෙලා ඉන්න එක වඩාත් හොඳයි.

වෙබ් අඩවියක් SEO කරන එකේ වැදගත්කම

නිවැරදිව SEO කිරීම හරහා ඔබේ වෙබ් අඩවියට ලැබෙන Organic Visitors ප්රමාණය ඉහල යාම සහ වෙබ් අඩවියේ Content එකට ගැලපෙන target audience එකක් ගෙන්වාගැනීමට හැකි වීම නිසා Google Adsense හෝ වෙනත් Ad network එකක් භාවිතා කරලා හෝ වෙනත් ක්රම භාවිතා කරලා වෙබ් අඩවිය හරහා උපයන මුදල් ප්රමාණය ඉහල නංවාගන්න ඔබට හැකියාව ලැබෙනවා. ව්යාපාරයක් නම් තමන්ගේ සන්නාමය නිවැරදිව ගැලපෙනම ජනතාවට ගෙනියන්න තියෙන හොඳම ක්රමයක් විදිහට SEO කිරීම හඳුන්වන්න පුළුවන්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වෙබ් සයිට් එකක් SEO කරනවා කියන්නේ දවසකින් දෙකක් කරන්න පුළුවන් මැජික් එකක් නෙවෙයි. මේක බොහොම ඉවසීමෙන් පියවරෙන් පියවර කිරීමෙන් තමයි දීර්ඝ කාලිනව පවතින ප්රතිඵල ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ සඳහා යම් කිසි කාලයක් ගත වෙන්න පුළුවන්. නමුත් කෙටි ක්රම වලින් ගිහින් අමාරුවේ වැටෙනවට වඩා හරි විදිහට SEO කරගත්තොත් ඔයාට අපි මේ ලිපියේ කියපු දේවල් වලට අමතරව තව වාසි බොහොමයක් අත් කරන්න හැකියාව ලැබෙනවා. අපි මේ පිලිබදව තවත් පුළුල් විදියට ඉදිරියේදී කතා කරමු. ඒ වගේම අපේ Google Adsense / Web Design & Development Courses වලදී Practically අපි මේ SEO part එක කොහොමද කරගන්නේ කියන එක කතා කරනවා.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......