Crypto Currencies ගැන ඉගෙන ගනිමු …..

ඔයාලා ගොඩක් දෙනෙක් අනිවාර්යයෙන් Bit Coin එහෙමත් නැත්නම් BTC කියන වචනෙ අහලා ඇති. ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්න, Bit Coin වලට අලුත් අයට මේ ගැන ඉගෙන ගන්න වගේම දන්න අයගෙ දැනුම වැඩි කර ගන්නත් අපි Bit Coin ගැන ගොඩක් දේවල් කතා කරමු.

මොනවද මේ Crypto Currency කියන්නෙ?

මේ ලෝකයේ විවිධාකාර මුදල් ඒකක තියෙනවා. උදාහරණ විදියට USD, EUR, LKR වගේ ඒකකයන්. ඉතින් මේ කියපු මුදල් ඒකක වලින් අපිට ගනුදෙනු කරන්න පුළුවන්. ඒවා අතට ගන්නත් පුළුවන්. හැබැයි තවත් මුදල් ඒකක කොට්ඨාසයක් තියෙනව, ඒවා අපිට අතින් අල්ලන්න බෑ. හරියට ඔයාගෙ පෝන් එකේ තියෙන ඇප් එකක් වගේ, ඔයාගෙ PC එකේ තියෙන Software එකක් වගේ. ඔයා ඒක තියෙනව කියලා දන්නවා. හැබැයි අතින් අල්ලන්න හැකියාවක් නෑ. අපි මේ වගේ මුදල් ඒකක හදුන්වනවා Crypto Currency කියලා.

දැන් ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මේක මුදල් ඒකකයක් නම්, අතින් අල්ලන්නත් බැරි නම් අපි කොහොමද මේ මුදල් ඒකකය හරහා ගණුදෙනු කරන්නෙ කියන එක. හිතන්න ඔයා Credit හෝ Debit Card පාවිච්චි කරලා ගෙවීම් කරනවා. එතකොට ඔයා සල්ලි අතින් අල්ලනවද? නෑනේද?

හැබැයි ඒ වෙලාවේ ඔයාගෙ Card එකේ සල්ලි තියෙනවා කියලා ඔයාට පෙන්වනවා. ඒ තියෙන ගානින් ඔයාට ගණුදෙනු කරන්න පුළුවන්, සල්ලි අතින් ඇල්ලීමකින් තොරවම. ඉතින් මේ Crypto Currency ත් ඒ වගේ. විවිධ Crypto Currency Accept කරන Company ලෝකයේ තියෙනවා. අන්න ඒ වගෙ කම්පැනිවල ගනුදෙනු කරන්න ඔයාට Crypto Currency භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයා ලග තියෙන Crypto Currency වෙනත් අයට විකුණන්නත් ඔයාට හැකියාව තියෙනවා. මේ විදියට Crypto Currency මිල දී ගන්න අය ලෝකයේ ඕනෑ තරම් සිටිනවා.

මොකක්ද මේ Bitcoin?

අපි කලින් කතා කරපු Crypto Currency විවිධාකාර නම් වලින් වර්ග රාශියක් මේ වන විට ලෝකයේ පවතිනවා. ඒ අතරින් ලෝකයේ පලමුවැනි වගේම දැනට ඉහලම මිලක් තිබෙන Crypto Currency වර්ගය තමයි Bit Coin කියන්නෙ. 2009 වර්ශයේදී ලෝකයට හදුන්වා දුන් Bit coin මේ වන විට ලොව ප්‍රසිද්ධතම crypto currency එක බවට පත්වෙලා තියෙනවා.

විවිධ රටවල්වලට අනන්‍යය වූ මුදල් ඒකක තියෙනවනෙ. ඒ ඒ රටවල මුදල් ඒකක වලංගු වෙන්නෙ ඒ රට හෝ රටවල් කිහිපයක් ඇතුලෙදි විතරයි. ඉතින් රට රටවල් අතර ගණුදෙනු වලදි මේ මුදල් ඒකක හුවමාරු කරන්න බොහෝ කාලයක් වැය වෙනවා. නමුත් මේ Bit Coin කිසිම රටකට හෝ රටවල් කිහිපයකට සීමා වෙන්නෙ නෑ. මේක ලෝකෙ පුරාම එකම විදියට භාවිතා කරන්න පුළුවන් මුදල් ඒකකයක් වීම විශේෂත්වයක්. ඒ වගේම Bit Coin මේ වන විට ලෝකයේ නැතුවම බැරි මුදල් ඒකකයක් වෙලා අවසන්.

Bit Coin හි වටිනාකම කොහොමද?

රටක මුදල් ඒකකයක වටිනාකම තීරණය කරන්නෙ ඒ රටේ මහ බැංකුව විසිනුයි. නමුත් Bit Coin හි මිල තීරණය වෙන්නෙ Bit Coin මගින් සිදුවන ගණුදෙනු මතයි. බිට්කොයින් මිල දී ගැනීම වැඩි වෙද්දි මිල ඉහල යන අතරම මිල දී ගැනීම අඩු වෙද්දි මිල පහල යනවා. ඉතින් ඒ නිසා නිතරම Bit Coin හි මිල ඉහල පහල යනවා. මේ හේතුවෙන් බොහෝ දෙනෙක් Bit Coin හි මිල පහල යන විට මිල දී ගන්නේ නැවත ඉහල යන විට අලෙවි කර වැඩි මුදලක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනුයි. ලෝකයේ බොහෝ පිරිසක් මේ ක්‍රමය හරහා මුදල් උපයනවා.

ඩොලර් 1කටත් අඩු මිලකින් ආරම්භ වූ Bit Coin මේ වෙද්දි ඩොලර් 40 000 කටත් වඩා වැඩි මිලකට තමයි තියෙන්නෙ. ඉතින් නිකමට හිතන්න මුල් කාලේ Bit Coin එකක් අරන් තියාගත්තා නම් දැන් ලාබෙ කීයක්ද? කොහොම උනත් මේ Bit Coin වල මිල පහල යෑමකට වඩා තව තවත් ඉහල යන බවක් තමයි පේන්න තියෙන්නෙ. ඒ නිසා ඕනි කෙනෙක්ට Bit Coin මිල දී ගන්න පුළුවන්. ඒත් Bit Coin එකක මිල ඉතාමත් අධික නිසා මේවා මිලදී ගත්දි ඉතා කුඩා කොටස් විදියට තමයි මිලදී ගන්න වෙන්නෙ. ඒ විදියට මිලදී ගනිද්දි අපිට ගොඩක් පොඩි දශම ගානක Bit Coin ප්‍රමාණයක් තමයි ලැබෙන්නෙ. මේ ගණන් කියවන්න අපහසු නිසා Bit Coin තව උප කොටස් කිහිපයකට වෙන් කරලා තියෙනවා. හරියට ලංකාවේ රුපියල් සහ ඊට පහල මුදල් ඒකකයක් වශන් ශත තියෙනවා වගේ.

0.00000001 BTC = Satoshi (sat)

0.000001 BTC = Microbitcoins (μBTC)

0.001 BTC = Millibitcoins (mBTC)

ඔයාලට පුළුවන් මේ උප කොටස් වලින් Bit Coin මිල දී ගන්න. Bit Coin මිල දී ගන්න නම් ඔයාට අනිවාර්යයෙන් Bit Coin wallet එකක් තිබීම අනිවාර්යයි. ඒ සදහා බොහෝ දෙනෙක් Coin Base wallet එක භාවිතා කරනවා.

Bit Coin වල තියෙන වාසි මොනවද?

01. ඉතාමත් ආරක්ෂිතව තබා ගත හැකි වීම.Bit Coin කියන්නෙ ලොව පවතින ඉතාමත් ආරක්ෂිත මුදක් ඒකකයක්. ඒ නිසාම බොහෝ දෙනෙක් Bit Coin හි ආයෝජනය කරනවා. ඉතින් ඔයාටත් පුළුවන් ආරක්ෂාව ගැන බිය නොවී Bit Coin හි ආයෝජනය කරන්න. ඒ වගේම සාමාන්‍ය මුදල් වගේ මේ Bit Coin සොරකම් කිරීමේ හැකියාවක් නැහැ. ඔයා ඔයාගෙ Bit Coin wallet එකේ Password එක හරියට ආරක්ෂා කර ගන්න විතරයි තියෙන්නෙ.

02. ඉතා වේගවත්ව ගනුදෙනු කල හැකි වීම.Bit Coin කියන්නෙ ලෝකය පුරාම එකම විදියට ගණුදෙනු කරන්න පුළුවන් මුදල් ඒකකයක් වීම නිසාත් සියලුම ගනුදෙනු සිදු වෙන්නෙ අන්තර්ජාලය හරහා නිසාත් ඉතා ඉක්මනින් වෙනත් අතරමැදියන්ගෙන් තොරව අපේ ගණුදෙනු මේ හරහා සිදු කරන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ රජයන් විසින් Bit Coin පිලි නොගත්තත් බොහෝ පවුද්ගලික සමාගම් මේ වන විට Bit Coin මගින් සිදු කරන ගෙවීම් පිලිගන්නවා.

03. පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම.ඔයාලා ගොඩක් අහලා ඇති කප්පම්කරුවන් විසින් කප්පම් මුදල් ලෙස Bit Coin අය කරනවා. ඉතින් එයාලට ඒ විදියට ගනුදෙනු කරන්න හැකිවෙන්නේ මේ Bit Coin වලින් එයාලගෙ පෞද්ගලිකත්වය ඉතාමත් හොදින් ආරක්ෂා වෙන නිසයි. ඉතින් ඒකෙන්ම අපිට පැහැදිලි වෙනවා Bit Coin වලින් සිදු කරන ගනුදෙනු වලදි අපේ පෞද්ගලිකත්වය ඉතා හොදින් ආරක්ෂා වෙන බව.

එතකොට Bit Coin Mining කියන්නෙ මොකක්ද ?

Bit Coin උපයන්න පුළුවන් ප්‍රධානම ක්‍රමයක් තමයි Bit Coin Mining කියන්නෙ. මේ සදහා ඔයාට බොහොම Powerful computer එකක් තිබිය යුතුයි. එහෙමත් නැත්නම් Bit Coin Mining Machine පවා මිල දී ගැනීමේ හැකියාව තිබෙනවා. මේ සදහා ඔයා Bit Coin Software එක ස්ථාපිත කරගෙන Bit Coin Network එකට සම්බන්ධ වෙන්න ඕනි. ඒකෙදි ඔයාට මේ Bit Coin වලට අදාල විවිධ ගණිතමය ගැටලු විසදන්න ලැබෙනවා. එහිදී ඔයාට ඔයාගෙ Bit Coin wallet එකට Bit Coin එකතු කර ගැනීමේ හැකියාව පවතිනවා. සරලව කිව්වට මේක ඉතාමත් විශාල වගේම සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් ඔයා Bit Coin Mining කරන්න අදහසක් තියෙනවා නම් ඒ ගැන බොහෝ කරුණු සොයා බලලා ආරම්භ කරන එක ගොඩක් හොදයි.

ස්තූතියි!

මේ වගේම තවත් වටිනා Post එකකින් නැවත හමුවෙමු.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......