Etsy Direct Shipping වලින් සල්ලි හොයමු

esty directshipping-image

අන්තර්ජාලය හරහා මුදල් හොයන ක්‍රම අතරින් තවත් සාර්ථක ක්‍රමයක් තමයි මේ direct shipping කියන්නෙ. මේකත් හොදින් ඉගෙන ගෙන උනන්දුවෙන් ආරම්භ කර උත්සාහයෙන් පවත්වාගෙන යාම තුලින් ඔබ නොහිතන තරම් මුදල් සෙවිය හැකිවනු ඇත.

මොකක්ද මේ Esty.?

Esty කියන්නෙ ලෝකයේ තියෙන ප්‍රසිද්ධම e-commorce web අඩවි අතරින් එකක්. ඒ කියන්නෙ අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුනන්න සහ මිලදී ගන්න තියෙන තැනක්. හැබැයි මේක අපි දන්න ebay , aliexpress වගේ අනෙක් e commorce web අඩවිවලට වඩා ගොඩක් වෙනස්. ඒකට හේතුව තමයි මේකෙ තියෙන්නෙ hand made products වීම. ඉතින් ඕනම කෙනෙක්ට මේ etsy එකේ hand made products විකුනන්න වගේම මිලදී ගන්නත් පුළුවන්. ඉතින් මේ etsy එකේ hand made products වෙනුවෙන්ම පැමිණෙන වෙනම customer base එකක් තමයි ඉන්නෙ. ඒ නිසා Etsy එකට එන customer කෙනෙක් මේකෙ භාණ්ඩ බලලා ebay එකට හෝ aliexpress හෝ වෙනත් e commorce වෙබ් අඩවියකට යන සම්භාවිතාවය අඩුයි. ඒක තමයි මේ Etsy එකේ වාසිය.

ඒ වගේම මේ Etsy එකේ තියෙන භාණ්ඩ අනෙකුත් e commerce web අඩවිවලට වඩා සාමාන්‍යයෙන් මිලෙන් අධිකයි. හේතුව මේකෙ තියෙන්නෙ hand made products වීම. ඉතින් එහෙමයි කියලා මේකට එන customer ලා නම් ආපහු හැරෙනවා ඉතාමත් අඩුයි. ඒකට හේතුව මම කලින් කිව්වා වගේ මේකට එන අය එන්නෙ hand made product ගන්නම නිසා. 

මොකක්ද මේ Direct Shipping.?

direct shipping කියන්නෙ තමන්ගෙම product එකක් shipping කරන එක. මෙතනදි තමන්ගෙම product එකක් කිව්වම මේ වැඩේ හරි යන් නෑ කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. ඇත්තටම එහෙම නෑ. තමන්ගෙම කියන්නෙ ඔයා කොහෙන් හරි භාණ්ඩය අරගෙන හරි ඔයාගෙ විදියට shipping කරන්න තමයි තියෙන්නෙ. මේ ගන්න භාණ්ඩ ගැන ඉදිරියට බලමු.

ඇයි Direct Shippingවලට Etsy.?

Direct Shipping වලට හොදම market එක තමයි esty. ඔයා නිකමට ebay එකෙයි etsy එකෙයි මොකක් හරි එක item එකක් search කරලා බලන්න. ebay එකේ තියෙන ඔයා search කරපු item එකට අදාල result හැම එකක්ම වගේ එකිනෙකට සමානයි. ඒත් etsy එකේ එක එක විදියෙ අලුත් අලුත් දේවල් රාශියක් බලාගන්න පුළුවන්. ඒ මේ දේවල් hand made products වීම නිසා. ඉතින් ලේසියෙන් හොයාගන්න අමාරු විදියෙ සිත් ඇදගන්නා සුලු trending කරන්න පුළුවන් product එකක් විකුනනවා නම් මේ Etsy එක ඉතාමත් හොද market එකක්.

ලංකාවේ ඕනි තරම් hand made products තියෙනවා. ඉතාමත් අඩු මිල ගනන්වලට තමයි මේ දේවල් අලෙවි වෙන්නෙ. ඉතින් මේ Etsy එකේ මේ දේවල් ඒ මිල වගේ දෙතුන් ගුණයක මිලකට අලෙවි කරන්න පුළුවන්. ඉතින් ඔයාට ඒකෙන් හිතාගන්න බැරි තරම් ලාභයක් ලබන්න පුළුවන්. ඒ වගේම පොඩි customer base එකක් නෙවෙයි මිලියන ගානක customer base එකක් මේ etsy එකේ ඉන්නවා. ඔයාට කරන්න තියෙන්නෙ හොදට trending කරන්න පුළුවන් product එකක් තෝරා ගැනීම. මේවට සුවිශේෂී උනු විවිධ ක්‍රම පවතිනවා. ඔයා මේ direct shipping පටන් ගන්න කලින් ටික කාලයක් මහන්සි වෙලා මේ දේවල් ඉගෙන ගෙන හොද අවබෝධයකින් පටන් ගැනීම හොදයි.

කොහොමද Etsy direct shipping පටන් ගන්නෙ.?

මේකට ඔයා යන්න ඕනි esty web site එකට.  ( etsy.com ) ගිහින් මුලින්ම ඒකෙ account එකක් හදාගන්න. මේක ගොඩක් පහසුයි. account එක හදපු ගමන් ඔයාට භාණ්ඩ sell කරන්න පටන් ගන්න පුළුවන්. ඔයා Etsy එකට register උනාට පස්සෙ දකුණු පැත්තෙ උඩ you කියලා profile icon එකක් සමග තැනක් තියෙනවා බලාගන්න පුළුවන්. ඒක click කරලා එතනින් sell on etsy කියන එක click කරන්න. එතකොට ඔයා වෙනම page එකකට යනවා. ඒකෙ තියෙන විස්තරත් බලලා ඔයාට පුළුවන් open your etsy shop කියන එක click කරලා ඔයාගෙ Etsy shop එක හදන්න පටන් ගන්න. 

මේ Etsy shop එක හදද්දි ඔයාට step 5ක් යටතේ විවිධ විස්තර රාශියක් ඇතුලත් කිරීමට තිබෙනවා. මෙහිදී ඔයාගෙ Etsy shop එක සදහා අලෙවියට භාණ්ඩද පල කරන්න ඕනි. මේ සියලුම දේ එක පෝස්ට් එකකින් නම් කියන්න බැහැ. ඒ නිසා ඔයා මේ දේවල් ගැන හොයලා බලලා ඉගෙන ගෙන පටන් ගන්න එක තමයි හොද. ඔයා මේ දේවල් ගැන හොයන්නෙ බලන්නෙ නැතුව නම් නිකන් පටන් ගන්න යන්න එපා මුලින්ම හොයන්න පුළුවන් හැම දේ ගැනම හොයලා බලලා හොද සූදානමකින් පටන් ගන්න. මේ shipping වලට භාණ්ඩ list කරද්දිත් සාර්ථකත්වයට භාවිත කරන විවිධ ක්‍රම තියෙනවා. උදාහරණයක් විදියට කවුරු හරි භාණ්ඩයක් search කලාම ඔයාගෙ භාණ්ඩය search result වලින් ඉහලට කර පෙන්වන ක්‍රම වගේ දේවල් තියෙනවා. ඉතින් හොද දැනුම තියෙන කෙනෙකුගෙන් මේ දේවල් ඉගෙන ගෙන ආරම්භ කර ඔයාට ඉතා ඉක්මන් සාර්ථකත්වය ලගා කර ගන්න පුළුවන්.

කොහොමද මේ භාණ්ඩ customer ට යවන්නෙ.?

Customer කෙනෙක් ඔයාගෙ භාණ්ඩයක් ඇනවුම් කල විට ඔහුගේ ලිපිනය යනාදී විස්තර ඔයාට ලැබෙනවා. ඔයාට තියෙන්නෙ මේ අදාල විස්තරවලට භාණ්ඩය තැපැල් කිරීමයි. එය සුදුසු පරිදි පාර්සල් කර අදාල තැපැල් ගාස්තු ගෙවලා බාර දුන්නම භාණ්ඩය අදාල පුද්ගලයා වෙත යනවා. ඔයා sell කරන්න භාණ්ඩය list කරද්දි මේ තැපැල් ගාස්තුත් එතනටම දාන්න පුළුවන්. ඒත් සුදුසුම දේ තමයි තැපැල් ගාස්තුත් එකතු කර භාණ්ඩයේ මිල සටහන් කර free shipping ලෙස භාන්ඩය list කිරීම. මොකද ගොඩක් අය කැමති free shipping වලට. ඒත් ඇත්තටම අපි ඒ මුදල භාණ්ඩයේ මිලෙන් අරගෙන තමයි තියෙන්නෙ. 

අලෙවි කල භාණඩවලට මුදල් ලබා ගන්නෙ කොහොමද.?

etsy එකේ ප්‍රධානම payment method එක තමයි etsy payment. ඒත් මේක ලංකාවට support කරන්නෙ නෑ. ඒත් අපිට paypal හරහා මුදල් ලබා ගන්න පුළුවන්. paypal ලංකාවට support නැතත් paypal account හදන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේ විදියට paypal account එකක් හදාගෙන ඔයා අලෙවි කරන භාණ්ඩවලට ඔයාට මුදල් ගන්න පුළුවන්. 

අලෙවියට සුදුසු භාණ්ඩ මොනවාද.?

නීතිමය පැත්තෙන් බැලුවොත් ලංකාවේ රජයෙන් තැපැල් මගින් යවන්න තහහනම් නොකල ඕනෑම භාණ්ඩයක් ඔයාට direct shipping කරන්න පුළුවන්. සාර්ථකත්වය පැත්තෙන් බැලුවහොත් සෑම විටම අන් අයට වඩා වෙනස් දෙයක් අලෙවිය තුලින් වැඩ් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට හිතන්න Esty එකේ කිසි කෙනෙක් මීට කලින් sell නොකරපු විදියෙ භාණ්ඩයක් ඔයා දානවා. එතකොට ඒකට එන අවදානය වැඩී. එතකොට ඔයාට ඒක ලොකු මුදලකට අලෙවි කරන්න පුළුවන්. ටික කාලයක් යද්දි තව තව අය මේවගේ product හදලා දානවා. එතකොට ටික ටික ඒකෙ ඉල්ලුම පහත යනවා. එතකොට අර ලොකු මුදලට අලෙවි කරන්න අමාරුයි. ඒත් ඔයා මුලින්ම ඒක ලොකු ගානකට අලෙවි කරලා හොද ලාබයක් ලබා ගෙන තමයි ඉන්නෙ. ඒ වගේ හැම තිස්සෙම අලුත් විදියෙ දෙයක් අලෙවි කරන එක තමයි සුදුසු. 

හැබැයි එහෙම වෙන කෙනෙක් නොදැන්මා කියලම සාර්ථක වෙන්න බෑ. ඒක ආකර්ෂණීය වෙන්න ඕනි, ඒ වගේම ඒ භාණ්ඩෙ පාරිභෝගිකයගෙ යම් වුවමනාවකට පිලියමක් වෙන්න ඕනි. උදාහරණයක් විදියට ලස්සනට තියන්න මොකක් හරි දෙයක්, නැත්නම් ක්‍රිඩාවකට සුදුසු දෙයක්, නැත්නම් සිහිවටනයක් ලෙස දෙන්න දෙයක් වගේ. ඒ වගේම මේක trending product එකක් වෙන්න ඕනි. ඒ කියන්නෙ වැඩි දෙනෙක් සොයන ආකාරයේ දෙයක්. උදාහරණයක් විදියට මිනිස්සු නත්තල් කාලෙට හොයන දේවල් වෙනස්. රස්නෙ කාලෙට හොයන දේවල් වෙනස් ඒ වගේ කාලයට ගැලපෙන වැඩි දෙනෙක් හොයන දෙයක් වෙන්න ඕනි. මේ වගේ සුදුසුකම් රාශියක් තියෙනවා. මේ දේවල් ගැනත් හොයලා බලලා ඉගෙන ගන්න එක වැදගත් වෙනවා. 

මේ පෝස්ට් එකෙන් ඔයාට direct shippingවලට අවශ්‍ය මූලික දේවල් ගැන අවබෝධයක් ඇවිත් ඇති. මේ හැම දෙයක් ගැනම වැඩිපුර කරුණු හොයලා හොද සූදානමක් ඇතිව ආරම්භ කර පහසුවෙන් සහ ඉවසීමෙන් (මෙහිදී ද ද ඔබේ Etsy Account එක suspend වීමේ අවස්ථා ඕනෑතරම් තියෙනවා ඔයා මේක හරියටම දැනගෙන නොකරොත්) ඔබට විශාල ලෙස මුදල් සෙවිය හැකි වනු ඇත. 

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......