How to select a NICHE (category) for AdSense

selecting a niche-image

මේ post එක දාන්න හිතුවෙ AdSense ගන්න හිතාගෙන අලුතෙන් websites පටන් ගන්න හිතන් ඉන්න අය වෙනුවෙන්. විශේෂයෙන්ම අලුත් අය වෙනුවෙන්. අලුතෙන් field එකට එන අයගෙ මන් දැකපු දෙයක් තමයි niche එකක් තෝරගනිද්දි වරද්දගන්න එක. ගොඩක් අය මගෙන් අහනවා මොකක්ද පටන් ගන්න හොද NICHE එක කියලා.

ගොඩක් අය තමන් කරන Niche එක තෝරගන්නකොට, ඒ niche  එක කරන්න හැකියාවක් තියෙනවද කියල හිතන්නෙ නැතුව අනිත් අය කරන දේම කරන්න ගිහිල්ල අමාරුවෙ වැටෙනව.

තව දෙයක් තමයි අලුතෙන් website කරන්න ඉන්න අය ගොඩක් හොයන්නෙ low competitive niche එකක්. මන් දැකල තියෙනව මේ වෙනකොට adsense කරන අයත් අලුත් අයට මේ advice එක දෙනව. මෙතෙන්දි මමනන් recommend කරන්නෙ low competitive නැතුව mid competitive niche එකක් කරන්න කියල. මොකද niche එකට තියෙන competition එක low කියන්නෙ ඒකට තියෙන demand එකත් low කියන එක. ඒ කියන්නෙ site එකට එන traffic එකත් අඩුයි. මේ නිසා site එක rank කරගන්න එක ලේසි උනාට Adsense වලින් ලොකු ගානක් හොයන්න අමාරුයි.

උදාහරනයක් විදියට psychology, archeology, insects, pets, flowers වගේ niche වලට ගොඩක් low competitive keywords හොයාගන්න පුලුවන්. Competition එක අඩු නිසා ලේසියෙන් rank කරගන්නත් පුලුවන්. ඒත් මේ වගේ sites බලන අය ගොඩක්ම අඩුයි. ඒ නිසා මේ වගේ sites වලට ලොකු traffic එකක් අරන් adsense වලින් income එකක් ගන්න අමාරුයි. Site එක first page එකේ top 1 උනත් ලොකු ගානක් හොයන්න බැරිවෙන්න පුලුවන්. මොකද traffic එක අඩු නිසා. ගොඩක් වෙලාවට low competition niche එකක් තියෙන site වලට google එකෙන් දාන්නෙත් low paid ads. 

ගොඩක් අය හිතන් ඉන්න දෙයක් තමයි Adsense වලට approval එක ගන්න එක තමයි අමාරුම වැඩේ කියලා. එහෙම නැහැ හොදේ. Google Adsense Policy වලට අනුව ඔයා හරියට Web එක හදලා, Copyright නැති articles දාලා තියෙනවා නම් ඔයාට adsense හම්බෙනවා.

මෙහෙම හිතන අයට Adsense approved උනහම රටක් රාජ්ජයක් හම්බ උනා වගේ. ඒකෙන් කීයක් හොයන්න පුලුවන්ද කියල බලන්නෙ නෑ. මන් දන්න adsense කරන සමහර අය ඉන්නව අවුරුදු ගානක් ගියත් $10ක් වත් හොයපු නැති . මේවගේ කරලනන් තේරුමක් නෑනෙ. මොකද invest එකක් කරල site එකක් හදන්නෙ හොඳ income එකක් ගන්න බලාගෙනනෙ.

ඉතින් niche එකක් තෝරගන්න එකේදි strategic විදියට බැලුවොත් හොඳම දේ තමයි mid competitive niche එකක් කරන එක. හැබැයි mid competitive niche එකක් rank කරගන්න low competitive niche එකකට වඩා දෙගුනයක් මහන්සි වෙන්න වෙනව. ඒත් ලොකු demand එකක් තියෙන නිසා හොඳ content එකක් දාල මහන්සි උනොත් rank කරගෙන හොඳ income එකකුත් හොයන්න පුලුවන්.

ඒ වගේම මේකෙ අනිත් පැත්ත තමයි Adsense වලින් ලොකු ගානක් හොයන්න හිතාගෙන high competitive niche කරන එක. 

Adsense වල වැඩිම ගානක් ගෙවන්නෙ insurance /finance niche වලට. සමහර insurance / finance company වල ads තියෙනව එක click එකකට $100 ගෙවන. ඊලඟට වැඩිම ගෙවන්නෙ health, mortgage niche වලට. මේ වගේ niche තියෙන site වලින් ලොකු ගානක් හොයන්න පුලුවන් නිසාම මේවට තියෙන competition එකත් වැඩියි. ඒක නිසා මේ වගේ niche එකක් කරල site එක rank කරගන්න එක හරිම අමාරුයි. සමහරවිට අවුරුදු ගානක් ගියත් rank කරගන්න බැරිවෙන්න පුලුවන්.

අනිත් වැදගත් දේ තමයි මේව ගැන අපිට තියෙන දැනුම niche එකට valid නැති එක. මොකද UK, USA, Australia වගේ රටවල් වල insurance, finance, mortgage ක්‍රම අපිට වඩා වෙනස්. එතකොට ඒ රටවලින් traffic එකක් ගත්තත් ලන්කාවෙ තියෙන ක්‍රම ගැන articles ලිවුවට වැඩක් වෙන්නෙ නැහැ.

තව දෙයක් කියන්න ඕන. Niche එකක් තෝරගන්නකොට නිතරම update වෙන එකක් තෝරගන්න.

තමන්ට මේක දිගටම කරගෙන යන්න පුලුවන්ද, දිගටම ලියන්න දේවල් තියෙනවද කියල බලන්න. උදාහරනයක් විදියට ලන්කාවෙ tourist attraction places ගැන travel site එකක් කරනවනන් කාලයක් කරගෙන යනකොට හිරවෙනව. මොකද දැනට තියෙන places, hotels ටික ලිවුවහම ඔය lotus tower එක, අලුතින් ඉදිවෙන Gem කුලුන වගේ අලුත් දෙයක් එකතු වෙන්නෙ අවුරුදු ගානකට සැරයක් නිසා. ඉතින් කාලයක් කරල site එක හොඳට rank උනාට පස්සෙ ලියන්න දෙයක් නැති උනොත් ලොකු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙනව.

ඒක නිසා niche එකක් තෝරගනිද්දි නිතරම අලුත් අලුත් දේවල් එකතු වෙන එකක් තෝරගන්න. උදාහරනයක් විදිහට news, video games, English films, IT, tech gadgets වගේ niche වලට හැමදාම අලුත් දේවල් එකතු වෙනව. ඒකනිසා ඕන කාලයක් කරන්න පුලුවන්.

අනිත් එක තමයි adsense වලින්ම depend වෙන්නෙ නැතුව affiliate marketing වගේ දේවලුත් කරන්න බලන්න. සාමාන්‍යයෙන් තියෙන පිළිගැනීම තමයි adsense කියන්නෙ beginners ල කරන දෙයක් කියන එක. Website එකක් හදාගෙන අලුතෙන්ම field එකට එන අය මුලින්ම කරන්නෙ adsense තමයි. ඒත් adsense වලට වඩා හොඳට හම්බ කරන්න පුලුවන් ක්‍රම තියෙනව. Affiliate marketing කියන්නෙ ඒකෙන් එකක් විතරයි. හරියට ක්‍රමේ තේරුන් අරන් කරොත් adsense වලට වඩා තුන් හතර ගුනයක් හොයන්න පුලුවන්. ඒවගේම Adsense, affiliate marketing දෙකම එකම site එකේ කරන්නත් පුලුවන්. එහෙම කරන අයත් පිටරට වගේම අපේ ලංකාවෙත් ඉන්නවා. Advance knowledge එකක් තියෙන ගොඩක් දෙනෙක් කරන්නෙ affiliate marketing . ඉතින් ඒ වගේ දේවලුත් try කරල බලන්න.

(අන්තර්ජාලයෙන් උපුටාගත් කරුනු එකතු කර ලියන ලද්දකි)

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......