Important Terms When Learning SEO

seo-image

SEO කියන්නෙ අපේ web අඩවියක් search engine වලින් දෙන result වල ඉහලටම කරලා පෙන්වන්න භාවිත කරන ඉතාමත් වැදගත් ක්‍රමවේදයක් කියලා ඔයාලා කවුරුත් දන්නවා ඇති. මේ SEO කියන්නෙ ගොඩක් ලොකු මාතෘකාවක්. විවිධ ක්ශේත්‍රවලදි අපි භාවිත කරන ඒවාට සුවිශේෂී වුනු විවිධ වචන තියෙනවා. මේ වගේ SEO වලදි අපි භාවිතා කරන දැනගතම යුතු සුවිශේෂී වචන පෙලක් ගැන අපි බලමු.  SEO ගැන ඉගෙන ගන්න අයත් web අඩවි පවත්වා ගෙන යන අයත් ඉදිරියට web අඩවි නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන අයත් අනිවාර්යයෙන්ම මේ දේවල් දැන සිටිය යුතුයි.

Keywords

අපි කවුරුත් යම් දෙයක් සොයා ගන්න google, yahoo, bing වැනි විවිධ search  engine භාවිත කරනවා. මේවා භාවිත කිරීමේදී අපි විවිධ වචන, වාක්‍යය මේ හරහා search කරනවා. මේ දේවල් වලට තමයි keyword කියන්නෙ. උදාහරණයක් විදියට සිතන්න ඔයාට ඕනි sinhala seo tutorial හොයන්න. ඔයා google එකට ගිහින් seo tutorial sinhala කියලා ඒකෙ search කරනවා. එතකොට seo tutorial sinhala කියන්නෙ keyword එකක්. අන්න ඒ වගේ විවිධ පුද්ගලයන් විවිධ දේ search engine හරහා search කරනවා. මේ දේවල් තමයි keyword කියන්නෙ. SEO වලදි මේ keywords අත්‍යවශ්‍යම දෙයක්.

Organic traffic

Traffic එක කියන්නෙ අපේ වෙබ් අඩවියකට එන visitors ලා ප්‍රමාණයයි. මේ visitors ලා web අඩවියට එන විවිධ ක්‍රම තියෙනවා. social media හරහා , whatsapp වැනි apps හරහා , search engine හරහා වගේ  විවිධ ක්‍රම තියෙනවා. මේ අතරින් web අඩවියට search engine හරහා එන traffic එක එහෙමත් නැත්නම් visitorsලා ප්‍රමාණය තමයි organic traffic එක කියලා කියන්නෙ. Adsense වැනි ad යෙදූ වෙබ් අඩවිවලට මේ organic traffic එක  ඉතාමත් වැදගත්. මොකද organic traffic එකට ගෙවන මුදල් ප්‍රමාණය වැඩියි. SEO හරහා වැඩි වශයෙන්ම අපිබලාපොරොත්තු වෙන්නෙ මෙන්න මේ organic traffic එක ගෙන්වා ගන්න.

SERP

මේකෙ දිග නම තමයි search engine result page. ඒ කියන්නෙ ඔයා search engine එකක keyword එකක් search කලාම ඔයාට result පෙන්නන page එක. ඔයාට මුලින්ම පෙන්වන SERP එකේ search result කිහිපයක් පෙන්වනවා ඔයා දැකලා ඇති. ඉතින් බොහෝ දෙනා මේ පලවෙනි page එකේම තියෙන result එකක් තමයි තෝර ගන්නෙ. දෙවෙනි හෝ ඊට පසු page එකකට යන්නෙ බොහොම කලාතුරකින්. ඒ නිසා SEO වලදි උත්සාහ කරන්නෙ පලවෙනි SERP එකට තමන්ට ඉහලට ගන්න අවශ්‍ය result එක ගෙන්වා ගන්න.

Ranking

SEO වලදි rank කියන්නෙ ඔයාට ඕනි search result එක search engine result වල තිබෙන පිහිටීමයි. උදාහරණයක් විදියට ඔයා seo tutorial sinhala කියලා search කලොත් විවිධ result ඉහල සිට පහලට පෙන්වනවානෙ. පලවෙනි එක ඉහලම දෙවෙනි එක ඊලගට තුන් වෙනි එක ඊලගට යන ආකාරයට. මේවගේ ඔයා භාවිත කරන keyword search කලාම ඔයාට ඕනි result එක තිබෙන ස්ථානය තමයි rank එක කියලා කියන්නෙ. එතකොට ranking කියන්නෙ මේ result එක, දැනට තිබෙන rank එකෙන් ඉහලට ගැනීමයි. මේ සදහා SEO වල විවිධ ක්‍රම විශාල ප්‍රමානයක් භාවිතා කරනවා. විවිධ search engine වල එකම result එක තිබෙන තැන් එකිනෙකට වෙනස්. මේකට හේතුව විවිධ search engine එකිනෙකට වෙනස් වූ තමාගෙම ක්‍රමයකට මේ result rank කිරීමයි. SEO වලදි මේ විවිධ search engine තුල result තිබෙන rank එකෙන් ඉහලට ගැනීමට විවිධ ක්‍රම අනුගමනය කල යුතුයි.

Meta title and description

ඕනෑම web page එකකට title එකක් සහ description එකක් යෙදිය හැකිය. මෙය SEO වලදි ඉතාමත් වැදගත් කාර්යයක් ඉටු කරනවා. SEO වලදි මේ title සහ description යෙදීමේදී සැලකිලිමත් විය යුතු විවිධ කරුණු රාශියක්ද තිබෙනවා. search result එකක title එකක් සහ පොඩි විස්තර කිරීමක් තිබෙනවා ඔයා දැකලා ඇති. මෙන්න මෙතනට එන්නෙ අර අපි web page එකට දෙන meta title එක සහ meta description එකයි. ඉතින් අපි මේ දෙක ආකර්ෂණීයව දකින කෙනෙක්ට බලන්න හිතෙන විදියට හැදුවොත් හොද organic traffic එකක් ගන්න පුළුවන් කියලා ඔයාට තේරෙනවානෙ. ඒ වගේම result එක rank කරන්නත් මේ දෙක යොදා ගන්නවා. ඒ වගේම අපි facebook , whatsapp වගේ යම් තැනක web page එකක url එක share කරද්දි ඒකට preview එකක් දෙනවා. මේ preview එකටත් මේ අපි යොදන title එක සහ description එක පෙන්වනවා.

Impressions

SERP එකක් ඇතුලෙ විවිධ result ගණනාවක් පෙන්වනවනෙ. impression කියන්නෙ මේ විදියට SERP එකක් ඇතුලෙ ඔයාගෙ result එක පෙන්වන වාර ගණනයි.  උදාහරණයක් විදියට හිතන්න ඔයා sinhala seo tutorial එකක් දාලා තියෙන්නෙ. විවිධ keyword search කලාම මේ result එක දකින්න පුළුවන්. මේ විදියට එක user කෙනෙක් keyword එකක් search කලාම එයා යන SERP එකක් ඇතුලෙ ඔයාගෙ search result එක තිබුනොත් ඒක එක impression එකක් කියලා කියනවා.  මේ විදියට SERP ඇතුලෙ ඔයාගෙ result එක users ලා දකින වාර ගණන තමයි impressions කියන්නෙ.

Organic click-through rate (CTR)

SERP වල පෙන්වන result එක user කෙනෙකු click කරන ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස පෙන්වීම organic click through rate ලෙස හැදින්වේ. Click නොකර යන ප්‍රමාණය සහ Click කරන ප්‍රමානය යන සියල්ල එකතු කර ඒ අතරින් click කරන ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස පෙන්වීම මෙහිදී සිදු වේ.

Search intent

එනම් user කෙනෙකු search කරන keyword එකෙන් ඔහු හෝ ඇය බලාපොරොත්තු වෙන අරමුණයි. මෙය තවත් පැහැදිලි කර ගැනීමට උදාහරණ කිහිපයක් බලමු. සිතන්න කවුරුන් හෝ Facebook ලෙස search කරයි නම් ඔහු හෝ ඇය බලාපොරොත්තු වන්නේ Facebook web අඩවියට යාමටයි. එවිට ඉහලින්ම පෙන්විය යුත්තේ Facebook හි url එක Facebook login එකෙහි url එක යනාදියයි. මෙවැනි ඒවා navigational search intent  ලෙස හදුන්වනවා. නැතහොත් “what is” , “who is”, “how can” යනාදී වශයෙන් තොරතුරු අපේක්ෂාවෙන් search keyword යොදා ගන්නා අවස්ථාවන්ද තිබෙනවා. මේවා infomational search intent ලෙස හදුන්වනවා. මෙවැනි search intent වර්ග කිහිපයක් ඇති අතර userගේ අරමුණ තේරුම් ගෙන වඩා හොද result ඉහලට කර පෙන්වීමට search engine මේවා යොදා ගන්නවා. SEO වලදී අපි අපගේ result ඉහලට ගැනීමට මෙම search intent යොදා ගන්නවා. උදාහරණයක් විදියට ඔබ informational දෙයක් rank කරන්නේ නම් title එක සදහා , header tag සදහා , description සදහා what is , who is යනාදී වචන භාවිතය වැනි ක්‍රියාකාරකම් පෙන්වාදෙන්න පුළුවන්.

Bounce rate

Bounce rate එක කියන්නෙ search engine result වලින් පෙන්වන result වලින් ඔයාගෙ  web page එකේ result එක ඔස්සේ ඇවිත් ආපහු හැරිලා යන අයගෙ ප්‍රතිශතය. හැරිලා යනවා කියන්නෙ විනාඩියක්වත් ඔයාගෙ web page එකේ රැදිලා ඉන්නෙ නැතුව යන එකට.  මේක SEO වලට ගොඩක් බලපානවා. bounce rate එක අඩු නම් ඔයාගෙ web page එක rank වෙන්න තියෙන ඉඩකඩ වැඩී වගේම bounce rate එක වැඩි නම් rank වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඉතින් ඔයාගෙ web page එකට එන අය හැරිලා නොයන විදියට ඒක පවත්වාගෙන යන්න ඔයා වග බලා ගන්න ඕනි.

Backlink

Backlink එකක් කියන්නෙ එක web page එකක ඉදලා තවත් web page එකකට යන්න web page එක ඇතුලෙ යොදලා තියෙන link වලටයි. එකම web site එකේ page එකක සිට තවත් page එකකට  යන්න link එකක් යොදලා තියෙනවා නම් ඒක internal backlink එකක් ලෙසත්, එක් website එකක සිට වෙනත් web site එකක ස්ථානයකට යාමට link එකක් යොදා ඇත්නම් එය external backlink එකක් ලෙසත් හදුන්වනවා. මේවා seo සදහා විශේෂයෙන් බලපාන අතර මේ ගැන හැදෑරීමට තවත් බොහෝ කරුණු තිබෙනවා.

Algorithm

Algorithm එකක් කියන්නෙ යම් කිසි ක්‍රියාවලියන් සිදුකරන්න ඕනි පිලිවෙලට ලබා දෙන උපදෙස් මාලාවක්. search engine විසින් search result ඉහලට කර පෙන්වීමට විවිධ algorithm භාවිත කරනවා. මේ algorithm ගැන දැනගැනීම තුලින් අපට search engine result ඉහල සිට පහලට පෙල ගස්වන ආකාරය තේරුම් ගන්න පුළුවන්. එවිට ඊට ගැලපෙන ලෙස අපගේ web page නිර්මාණය කර ඒවා result අතර ඉහලට කර ගන්න අපිට පුළුවන්.

Domain Authority

SEO software company එකක්වන moz විසින් නිර්මාණය කරන ලද domain authority  මගින් web අඩවියක් SERP හි rank කල හැකි හැකියාව ගණනය කරයි. එය 1 සිට 100 දක්වා  වූ අගයන්ගෙන් පෙන්නුම් කරයි. අගය වැඩිවන තරමට rank කිරීමේ හැකියාව වැඩිය. මෙසේ domain authority එක ගණනය කිරීමට විවිධ සාධක යොදා ගනී. domain එකෙහි වයස (Domain Age), වෙබ් අඩවියේ traffic එක වැනි සාධක උදාහරණ වේ. MOZ DA checker tool (https://moz.com/domain-analysis) එක හරහා ඔබට domain authority එක පරික්ෂා කල හැකිය.

Domain Ranking

Ahrefs නම් company එක විසින් මෙය නිර්මාණය කර ඇත. web අඩවියට ඇති external backlinks සහ ඒවාගේ ගුණාත්මකභාවය අනුව මෙම domain ranking තීරණය වේ. ගුණාත්මකභාවය තීරණය කරන සාධක ගණනාවක් පවතී. මෙයද domain authority මෙන්ම 1 සිට 100 දක්වා  වූ අගයන්ගෙන් පෙන්නුම් කරයි. ඔබ SEO යන ක්ශේත්‍රයේ දී භාවිත කරන ඉතාමත් වැදගත් වචන කිහිපයක් සහ ඒවාගෙ අදහස් ගැන ඉගෙන ගන්නට ඇති. මේ දේවල් ගැන තවත් බොහෝ කරුණු ඉගෙනීමට ඇති අතර SEO යනු ඉතාමත් විශාල විශය ක්ශේත්‍රයකි.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......