මේ දිනවල ලංකාවේ ජනප්‍රියතම මාතෘකාව තමයි අන්තර්ජාල ව්‍යවසායකත්වය online entrepreneurs එහෙමත් නැත්නම් අන්තර්ජාලය මගින් මුදල් ඉපයීමයි. ඒ අනුව ප්‍රධාන වශයෙන් බොහෝ දෙනා Google AdSense target කරලා websites සෑදීම සිදු කරයි.
ඔබ වෙබ් අඩවියක් හදනවා නම් හෝ ඔබ වෙබ් අඩවියකට article එකක් ලියනවා නම් ඔබ වැඩිපුරම අවධානය යොමු කළ යුතු දේ තමයි keyword research කියන මාතෘකාව. මෙය ඔබගේ වෙබ් අඩවියට එන පිරිස ( web traffic) තීරනයවීමට, article එක ගූගල් 1st Page rank වීමට ආදී කරුණු සඳහා ඉතාමත් වැදගත් වන දෙයක්.
මෙම ලිපියෙන් කතා කරනවා keyword එකක් කියන්නේ මොකක්ද. Keyword research එකක් කියන්නේ මොකක්ද, ඇයි article එකක් ලියන්න කලින් keyword research කරන්නේ, paid and free keyword research tool මොනවාද, keywords types මොනවාද යන මාතෘකා ටික ගැන.
What is the keyword, keyword එකක් කියන්නේ මොකක්ද ?
අපි මුලින්ම බලමු keyword එකක් කියන්නෙ මොකක්ද කියලා, සරලව කිව්වොත් වාක්‍යයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් (key or key phrase/ word or word phrase). ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් Google , Yahoo , Yandex වගේ search engine වල යම් දෙයකට අදාළ තොරතුරු සෙවීම සඳහා ඇතුලත් කරන වචනයක් හෝ වචන කිහිපයකි.
උදාහරණයක් ලෙස හිතන්න ඔයාට ඕනේ නම් අලුතින් mobile phone එකක් මිලදී ගන්න, ඔයා Google එකේ search කරනවා mobile phone එක මොකක්ද, mobile phone වර්ගය ( Samsung, Apple ,Nokia, Redmi) mobile phone එකේ තියෙන specifications, best mobile phone in 2021, mobile phone price in Sri lank ආදිය හැමදේම අපි ගූගල් එකේ ටයිප් කරනවා ඒ දේවල් keywords ලෙස හඳුන්වන්න පුළුවන්. මම හිතනවා ඔබට keyword කියන්නේ මොකක්ද කියලා යම්කිසි අදහසක් ලැබෙන්න ඇති කියලා.
දැන් අපි බලමු Keywords types මොනවද කියලා.
- Short tail keywords – කියන්නේ වචන තුනක් හෝ ඊට අඩු ගණනකින් සැදී ඇති Keywords මෙම keywords වල ඉහල search volume එකක් ඇති අතර තරගකාරීත්වය වැඩිය.
උදාහරණ – Samsung, Article, Bus, Facebook, How to bath, How to eat
- Long tail keyword – කියන්නේ වචන තුනකට වඩා ඇති keyword වන අතර ඒවා short term keywords වලට වඩා සුවිශේෂී වෙනවා. Short term keyword වලට සාපේක්ෂව තරඟකාරිත්වය අඩුයි .
උදාහරණ – mobile phone price in Sri Lanka, how to research keywords, best keyword tools in 2021
- LSI Keywords (Latent Semantic Indexing) – මේ keywords, සරලව කිවහොත් ඔබේ main keyword එක හා සම්බන්ධ වචන සහ වාක්‍ය ඛණ්ඩ වේ. LSI Keywords ඔබේ content එකට අමතර value එකක් ලබා දෙන අතර, ඔබේ page එක (article එක) කුමක් දැයි තේරුම් ගැනීමට ඒවා search engine වලට උදව් කරයි.
උදාහරණ – ඔයාගේ Page එක හෝ Blog Article එක ‘බුරුසු (Brushes)’ ගැන කියලා හිතුවොත් අපිට මේ Brushes කියන වචනෙත් එක්ක තවත් ගොඩක් meaning එන විදියට බාවිතා වෙන්න පුළුවන්. Ex :- Hair brush / Paint brush / Photoshop , Illustrator වලදී බාවිතා වෙන brush tools …..
මේ විදියට බාවිතා වෙනකොට search engine එකට එකපාරම identify කරගන්න බැරිවෙනවා ඔයාගේ article එක මොනවා ගැනද තියෙන්නේ කියල. අපි මෙවැනි LSI keyword එකක් බාවිතා කිරීමේදී Google Algorithm එක විසින් මෙවැනි keyword එකත් එක්ක article එකේ බාවිතා වෙලා තියෙන අනෙක් words සහ phrases යොදාගන්නවා ඔයාගේ article එක කුමක් සමබන්දයෙන්ද index වෙන්න අවශ්‍ය කියලා idea එකක් ගන්න.
Ex :- hair dryer / detangling / paddle brush / boar bristles / curly hair මෙවැනි වචන ඔබේ article එකේ අන්තර්ගත වෙනකොට google එක හෝ ඕනෑම search engine එකකට identify කරගන්න පුළුවන් ඔයාගේ article එක ලියලා තියෙන්නේ Hair Brushes ගැන කියලා. එවිට මෙහිදී LSI Keyword එක ලෙස බාවිතා වෙන්නේ Hair Brush කියන phrase එක.
මේ වගේ තවත් Keywords වර්ග තියෙනවා, ඒවා ගැන අපි ඉදිරියේදී එන Post එකකින් කතා කරමු.
What is the keyword research & keyword research එකක් කියන්නේ මොකක්ද?
SEO ( search engine optimization ) කරන විට keyword research කිරීම ඉතාමත් වැදගත් වන දෙයකි. මෙහිදී අපි search engine වලට මිනිසුන් ඇතුලත් කරන ජනප්‍රිය වචන හා වාක්‍ය ඛණ්ඩ සොයාගැනීම සිදුකළ යුතුය. මිනිසුන් වඩාත් අවශ්‍ය දේ අපි දන්නා විට ඒවාට අදාළව article එක ලිවීමට හැකි වේ. වෙබ් අඩවියක් නිර්මානය කිරීමට හෝ article එකක් ලිවිමට පෙර keyword research එකක් සිදුකළ හොත් එම keyword වලට අදාලව වෙබ් අඩවිය Google rank කිරිමට හැකිවේ. එසේම මිනිසුන් හොයන මාතෘකා වලට හොඳ content සැපයීම මගින් ඔබට හොඳ audience එකක් නිර්මාණය කර ගැනීමට හැකියාවක් ලැබෙනවා .එමගින් ඔබගේ වෙබ් අඩවියට එන traffic එක වැඩිකර ගත හැකිය.
ඇයි අපේ ආටිකල් එකක් ලියන්න කලින් keyword research එකක් කරන්න ඕනි?
ආටිකල් එකක් ලියන්න කලින් keyword research කිරිම ඉතාමත් වැදගත් වෙනවා.එයට හේතු වන්නේ එය අපගේ වෙබ් අඩවියේ පැවැත්මට හා සාර්ථකත්වයට බොහෝ සෙයින් බලපාන බැවිනි.
ඔබ පොඩ්ඩක් හිතලා බලන් keyword research එකක් සිදු නොකර මිනිසුන් සොයන්නේ නැති එහෙමත් නැත්නම් අඩුවෙන් හොයන මාතෘකාවක් ගැන article එකක් ලිව්වොත් එය බැලීම සඳහා පුද්ගලයන් ඔබගේ වෙබ් අඩවිට එන්නේ නැත ආවත් බොහොම සිලි ප්‍රමාණයක් විතරයි පැමිණෙන්නේ. එම නිසා ඔබට එයින් හොද ප්රතිලාභ ලබා ගැනීමට නොහැකි වේ. එම නිසා හොඳ keyword research එකක් කිරීම මගින් ඔබගේ වෙබ් අඩවියට හොඳ traffic එකක් ලබා ගැනීමට හා හොඳ earning එකක් ලබා ගැනීමට හැකියාව ඇති Keywords සොයාගැනීමට හැකියාව ලැබේ.
Keyword research කිරීමක් මගින් මිනිසුන්ගේ අවශ්‍යතාව හොඳින් හඳුනාගත හැකි බැවින් ඔවුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවට සරිලන පරිදි හොඳ content එකක් සැපයීමට අපිට හැකි වේ. එමගින් ඔවුන් ඔබගේ වෙබ් අඩවිය තුළ වැඩි කාලයක් රැඳී සිටීම තීරණය වේ.
එසේම අපට keyword එකක් rank කිරීමට කොතරම් මහන්සියක් දැරීමට සිදුවේ ද, මෙම keywords research කිරීමට පුළුවන් වුවහොත් කොතරම් traffic එකක් වෙබ් අඩවිට ලැබේද ලැබේ ද, මෙම keywords හොයන පුද්ගලයින් තමන්ගේ වෙබ් අඩවියේ ගනුදෙනුකරුවන් වේද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරක් ලබා ගැනීමට keyword research එක වැදගත් වේ.
කොහොමද keyword research කරන්නේ how to do research keyword?
මම පියවරෙන් පියවර keyword එකක් research කරන්නේ කරන්නෙ කොහොමද කියලා කියල දෙන්නම්. පළමුව ඔයා කරන්න ඕනේ ඔයාගේ වෙබ් අඩවියට පැමිණෙන මිනිස්සු google එකේ හෝ වෙනත් search engine එකක search කරයි කියලා හිතන හැම keyword එකක්ම හොයා ගන්න එක. ඊට පස්සේ ඒ keywords ටික දාලා list එකක් හදාගන්න ඕනේ. මම හිතනවා ඒ හොයාගත්ත keywords ටික excel එහෙක වගේ ටයිප් කර ගත්තා නම් හොදයි කියලා.
ඒ වගේම මේ සඳහා keywords Google search එක භාවිත කිරීමෙන් හා YouTube search භාවිතා කිරීම මගින් ඔයාලට ලබාගන්න පුළුවන්.ඒ වගේම අපි Google හෝ YouTube search කරන විට ඒකට අදාල වෙනත් keywords auto suggest කරනවා. ඉතින් මේ auto suggest කරන keyword මම පෙර කිව්ව එක්සෙල් එකට නැත්නම් keyword list එකට ඇතුලත් කරගන්න. තව සමහර අවස්ථාවලදී Google එකේ හොයන search terms වලට අදාලව related search terms පහතින් පෙන්වනු ලබනවා. මම කියන්නේ ඒවත් ඔයාලගේ keyword list එකට ඇතුලත්කර ගන්න එක ගොඩක් වටිනවා කියලා.
ඊළඟ පියවර ලෙස අපි හදාගත්ත keywords වෙන වෙනම analysis කරන්න සිදු වෙනවා. එය සඳහා අපිට keyword research tools භාවිත කරන්න සිදුවෙනවා. ඒවා free tools සහ paid tools කිහිපයක් ලෙස අපට දැක්විය හැකිය.
Free keyword research tool (නොමිලේ ලබාගත හැකි)
Free keyword research tool භාවිතා කරලා අපිට පුලුවන් යම්තාක් දුරට keyword research කිරීමට නමුත් paid tools වලට වඩා free tools වල තිබෙන පහසුකම් අඩුයි.
අපි බලමු keyword research කිරීමට යොදා යොදාගත හැකි free tools මොනාද කියලා.
1. Google AdWord keyword planner
Google විසින් එයාලගේ advertiseලාට keyword analysis කරන්න හඳුන්වාදුන් හඳුන්වාදුන් free tool එකක් තමයි Google adword keyword planner කියන්නේ.මෙම tool එක මගින් ඔයාලගේ keywords වල competition / search volume සොයා ගැනීමට හැකි වෙනවා. මේ විදිහට ඔයාලා list එකේ තිබ්බ සියලුම keywords මේ විදියට research කරලා බලන්න. ඊට පසුව අපට මිනිසුන් වැඩිපුරම search කරන්නේ මොනවගේ keywords ද කියලා නිගමනයකට එළැඹිය හැකිය.
2. Google trends
Google trends කියන්නේ keyword research කිරීම සඳහා Google මගින් ලබා දුන් තවත් එක් free tool එකකි. මෙය මගින් අදාල keywords වසර ගණනාවක් කොපමණ ප්‍රමාණයක් භාවිත කර තිබේ ද තිබේද කියලා සොයා ගැනීමට හැකිය.
මීට අමතරව නොමිලේ ලබාගත හැකි keyword research tool tools කිහිපයක් පාටින් දක්වා ඇත.
3. Keyword generator
4. Keyword sheeter
5. Answer the public
6. Keyword surfer
7. Keyworddit
8. Google search console
9. Questions db
10. Bulk keyword generator
Paid keyword research tools
අපි බලමු මොනාද මේ paid keyword research tools කියන්නේ කියලා. මේ සඳහා මාසිකව හෝ වාර්ෂිකව මුදලක් එම ආයතන සඳහා ගෙවීමට සිදුවෙයි එහෙත් මෙම tools භාවිත කිරීම මගින් විශාල පහසුකම් ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වෙනවා. අන්තර්ජාලය තුළ තුල keyword research tools විශාල ප්‍රමාණයක් දැකිය හැකි අතර හොඳම හා ලාභදායී සේවා කිහිපයක් පහතින් දක්වා ඇත.
1. SEMrush
2. KWfinder
3. Ahref keyword explorer
4. GrowthBar
5. Long tail pro
6. Majestic
7. Keywordtool
8. Serpstat
9. Moz keyword explorer
10. Spyfu
ඉහත සඳහන් කරපු tools භාවිතා කරමින් අපට competitors analysis එකක් කිරීමට පුළුවන්. මෙහෙම කියද්දී ඔයාලට ප්‍රශ්නයක් ඇති මොකක්ද මේ competitor analysis කියන්නෙ කියලා අපි හොයා ගන්න keywords වලට අදාලව search terms වල මුල් ස්ථානවල සිටින වෙබ් අඩවි පිළිබඳ වාර්තා මෙමගින් ලබා ගත හැකි වෙනවා. මෙහිදී මුල් ස්ථාන 10 සිටින වෙබ් අඩවිවල SEO තත්ත්වය පිළිබඳ සලකා බැලීම වැදගත් වෙනවා.
අවසාන වශයෙන් අපිට නිගමනයකට එන්න පුළුවන් අපි සොයාගත්ත keyword මගින් කුමන keywords වලට ද Google එකේ rank කරන්න අමාරුද ලේසිද කියලා. ඉතින් අපි තෝරගත්ත හොදම keywords තමා වෙබ් අඩවියක් හෝ ආර්ටිකල් එකක් ලියද්දි භාවිතා කරන්න ඕනි.
මම හිතනවා ඔයාලට keyword එකක් කියන්නේ මොකක්ද, keyword research එකක් කියන්නේ මොකක්ද සහ keyword research එකක තියෙන වටිනාකම, keyword වර්ග මොනවාද, keyword research කරන්න භාවිත කරන tools වර්ග යන කරුණු පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.