Success On Fiverr

success on fiverr-image

ලෝකයේ තියෙන freelancing web අඩවි අතරින් ප්‍රමුඛ තැනක් ගන්න web අඩවියක් තමයි Fiverr කියන්නෙ. ඕනෑම කෙනෙකුට අන්තර්ජාතික වශයෙන් මුදල් සොයන්න හොදම තැනක් තමයි මේ Fiverr. ඔයා E-money ගැන හොයන කෙනෙක් නම් මේ ගැන අනිවාර්යයෙන් අහලා ඇති. අද අපි මේ Fiverr ගැන කතා කරමු.

මොකක්ද මේ කවුරුත් කතාවෙන Fiverr.?

Fiverr කියන්නෙ freelancing web අඩවියක්. ඒ කියන්නෙ මේක පාවිච්චි කරන්නෙ විවිධ සේවා අලෙවි කරන්න සහ මිල දී ගන්න. video editing , audio editing , graphic designing , web development , article  writing , data entry වගේ ඕනෑම සේවාවක් මේකෙන් ලබා ගන්න සහ අලෙවි කරන්න පුළුවන්. මම මේ කියපු ටික විතරක්ම නෙවෙයි තව ඕනෑ තරම් සේවා මේකෙ තියෙනවා. මේ කිසිම දෙයක් physical නැහැ. හැම දේම සිද්ධ වෙන්නෙ digital. විශේෂයෙන් Web development, App development  වගේ කරන කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට වඩා විශාල මුදලක් මේකෙන් හොයන්න පුළුවන්. විශේෂම දේ තමයි මේකට ඔයාට full time වැය කරන්න ඕනි නැහැ. Part time විදියට කරන්න පුළුවන්. Full time වැඩ කරලා කරන අයත් ඕනෑ තරම් ඉන්නවා.

මේක හරියට කලොත් ඔයාටම අන්තර්ජාතික ව්‍යාපාරයක් තියෙනවා වගේ තමයි. ඔයාම හිතන්න ලෝකෙ සෑම තැනකින්ම costumers ලා මේ Fiverr එකට එනවා. මේ Fiverr ඇතුලෙ ඔයාට තියෙන ඕනෑම හැකියාවක් මුදල් කරන්න පුළුවන්. ඔයාට video edit කරන්න පුළුවන් ඒක කරන්න , logo design කරන්න පුළුවන් නම් ඒක , marketing කරන්න පුළුවන් නම් ඒක. ඔය වගේ කියලා ඉවර කරන්න බැරි තරම් දේවල් මේක ඇතුලෙ කරන්න පුළුවන්. ඔයාට තියෙන skill එක මොකක්ද ඒක ඔයාට සල්ලි කරන්න පුළුවන්. ඔයාට කිසිම හැකියාවක් නැත්නම් ඒත් ඔයාට සල්ලි හොයන්න පුළුවන් අනිත් අයගෙ service විකුණලා. අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරමු. විශේෂයෙන්ම මේකෙ මුදල් හොයන්න හොදම service එකක් තමයි web development. ඒ ගැනත් කතා කරන්නම ඕනි.

කොහොමද Fiverr පටන් ගන්නෙ.?

1. Research කර තොරතුරු සෙවීම

හැමදාමත් කියනවා වගේ ඕනිම දෙයක් පටන් ගන්න කලින් කරන්න ඕනි මූලිකම වගේම වැදගත්ම දේ තමයි කරන්න යන දේ ගැන පුළුවන් තරම් research කරලා ඉගෙන ගෙන අවබෝදෙන් පටන් ගන්න එක. ඉතින් මෙතනදින් පලවෙනි පියවර වශයෙන් පුළුවන් තරම් Fiverr ගැන සහ එහි සාර්ථකත්වයට බලපාන විශේෂ ක්‍රම ගැන සොයා බැලීම වැදගත් වෙනවා.

2. Fiverr හි register වීම හා profile එක සැකසීම.

fiverr.com වෙත ගොස් ඔයාට ඉතා පහසුවෙන් මෙයට register වෙන්න පුළුවන්. Register වීමෙන් පසු ඔයාගෙ profile එක ඔයා ලබාදීමට බලාපොරොත්තු වෙන සේවාවට හොදින් ගැලපෙන ලෙස සකසා ගන්න. මෙතනදි ඔයාගෙ profile එකේ අනිත් අයට පෙනෙන තැන් ඒ අයට ප්‍රියමනාප සහ ඔබ ක්ශේත්‍රයේ ප්‍රවීණයෙකු ලෙස සිතෙන ආකාරය සකසා ගන්න.

3. Gig එක පල කිරීම.

මේක තමයි ඔයාට කරන්න තියෙන වැදගත්ම රාජකාරිය. මේ gig එකෙන් තමයි අනිත් අයට ඔයා  ලබා දෙන සේවාව දැනුම් දෙන්නෙ. ඉතින් ඒ නිසා මේක හදන්න කලින් හොද අවබෝධයක් අරගෙන තියෙන එක හොදයි. gig එකට title , description , tags , price , special offers, time වගේ ගොඩක් විස්තර ඇතුලත් කරන්න තියෙනවා. මේ මේ දේවල් ඇතුලත් කරන විදිය අනුව අනිත් අයට ඔයාට තියෙන අත්දැකීම් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ Fiverr හි අත්දැකීම් තියෙන කෙනෙකුගෙ උපදෙස් අරගෙන මේ gig දාන එක තමයි හොද. Gig එක දැනම්මට පස්සෙ ඔයාට තියෙන්නෙ ඔයාගෙ gig එක market කරන එක. ඊට පස්සෙ ඔයාට costumer කෙනෙක් හම්බුනාම එයා ඉල්ලන සේවාව ලබාදෙන්න තමයි තියෙන්නෙ.

කොහොමද Fiverr එකේ මුදල් ලැබෙන්නෙ.?

Customer කෙනෙක් order එකක් දැන්මට පස්සෙ ඔයාට Fiverr එකේ order එකට අදාල මුදල ලැබුනෙවා. ඒත් ඔයාට මේක එවෙලෙම ගන්න නම් බෑ. ඔයා මේ order එක complete කරාට පස්සෙ තමයි මේ මුදල ඔයාට ලැබෙන්නෙ. මේක ලැබිලා දින 14කට පස්සෙ ඔයාට Paypal හෝ Payoneer හරහා මුදල් ලබා ගන්න පුළුවන්.

අලෙවි කරන්න skill එකක් නැතිව Fiverr එකේ මුදල් හොයන්න පුළුවන්ද.?

ගොඩක් දෙනෙක් බැහැ කියලා හිතුවත් පුළුවන්. අපිට පුළුවන් වෙන කෙනෙක්ගෙ service එකක් අපේ විදියට අලෙවි කරලා මුදල් හොයන්න. අපි ඒකට කියන්නෙ drop servicing කියලා. එතනදි වෙන්නෙ මෙහෙමයි. මේකෙදි වෙන්නෙ අඩු මුදලට සේවාවක් සපයන්නෙකුගෙන් සේවාව අරගෙන අපේ අතට මුදලක් තියාගෙන අලෙවි කරන එක. මේකත් ගොඩක් සාර්ථක ක්‍රමයක්. මේකත් ලෝකෙ ගොඩක් දෙනෙක් කරනවා වගේම මේ ක්‍රමයෙන් ගොඩක් සාර්ථක වුනු පුද්ගලයන්ද විශාල ගණනක් ඉන්නවා. ලෝකෙ තවත් freelancing web අඩවි තියෙනවා මේ Fiverr වගේම. උදාහරණ විදියට Freelancer, Peopleperhour, Upwork වගේ website හදුන්වන්න පුළුවන්. තවත් සයිට් විශාල ගණනක් ලෝකෙ තියෙනවා. ඔයාලට ඒ අතරින් විශ්වාසවන්ත වෙබ් අඩවි සොයා බලන්න පුළුවන්. මේ එක එක වෙබ් අඩවි වල විවිධ service අලෙවිවන මිල ගණන් එකිනෙකට වෙනස්. ඉතින් අපිට පුළුවන් අඩු තැනකින් අරගෙන වැඩි මිලකට අලෙවිවන තැනක අලෙවි කරන්න. මෙන්න මේ ක්‍රමයට තමයි Fiverr වල කිසිම skill එකක් නැතුවත් මුදල් හොයන්නෙ.

Fiverr හි අලෙවියට හොදම සේවා මොනවද.?

ගොඩක්ම digital world එකේ දි මිනිස්සුන්ට අවශ්‍ය මොනවද , අන්න ඒ සේවා තමයි ගොඩක්ම මේ Fiverr එකේ අලෙවි කරලා වැඩි ප්‍රතිලාභ ගන්න පුළුවන්. උදාහරණ විදියට logo design කරගන්න , video හදාගන්න වගේ දේවල් ගොඩක් වෙලාවට ඕනි වෙනවා නේද? ඊට අමතරව තවත් විශේෂම දෙයක් තමයි web development. මේකෙනුත් Fiverr වල විශාල වශයෙන් මුදල් හොයන්න පුළුවන්.

logo design , video editing වගේ දේවල් හැමෝටම කරන්න අමාරුයි. මොකද ඒකට හොද නිර්මාණශීලී හැකියාවක් තියෙන්න ඕනි. web development වලටත් නිර්මාණශීලීත්වය වගේ හැකියා අවශ්‍ය උනත් WordPress වගේ CMS හරහා අපිට පහසුවෙන් web site develop කරන්න පුහුණු වෙන්න පුළුවන්. ඒ වගේම මාස කිහිපයකින් හැකියාවන් හදාගෙන වැඩ පටන් ගන්න පුළුවන් තත්වෙට උගන්වන හොද කෝස් එහෙමත් පහසුවෙන් හොයාගන්න පුළුවන් නිසා web development වගේ පැත්තකින් යනවා නම් හොද ආදායමක් ඉක්මනින් ලබන්න පුළුවන් (ඔව් ඔව් අපේ Course එක ගැන තමයි කිව්වේ). තාක්ෂණය දියුණු වීමත් සමග බොහෝ දෙනා digital ලෝකයත් සමග ගණුදෙනු කරන්න පටන් ගැනීම නිසා ඉතාමත් විශාල වෙබ් අඩවි ප්‍රමානයක් දිනකට ලෝකයේ නිර්මාණය කිරීම සිදු වෙනවා. මේ නිසා web development කියන්නේ Fiverr තුල ලබා දෙන්න පුළුවන් හොදම සේවාවක්.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......