ඔබ E-Money ගැන interesting කෙනෙකු නම් බොහෝ විට මේ වචන අසා තිබිය හැකිය. මේ Dropshipping & Drop servicing ඔස්සේ අන්තර්ජාලය හරහා මුදල් සෙවිය හැකි වේ.
බ්‍රෝකර් යන වචනය ඔබ මීට පෙර අසා ඇති. මෙහිදීත් සිදු වන්නේ එවැනිම වූ දෙයක් වේ. යම් භාණ්ඩයක් හෝ සේවාවක් එක් අයෙකුගෙන් ගෙන තමාට මුදලක් තබා ගනිමින් වෙනත් අයෙකුට ලබා දෙයි.
මෙසේ භාණ්ඩ සම්බන්ධ ගනුදෙනු Dropshipping ලෙස හැදින්වේ. ඔබට e-commerce වෙබ් අඩවියක් හරහා ඔබගේම Product එකක් සමගින් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය නම් විශාල ප්‍රාග්ධනයක් මෙන්ම විශාල වැඩ කොටසක් කිරීමට සිදු වේ. භාණ්ඩ ගෙන්වීම බෙදාහැරීම ආදී කාර්යයන්වි ශාල ප්‍රමානයක් කල යුතු වේ. නමුත් Dropshipping වලදී කල යුතු වන්නේ ඉතාමත් සුලු වැඩ කොටසක්වන අතර ඔබට භාණඩ ඔබ ලග තිබීම අවශ්‍ය නැත. මෙහිදී ඔබට භාණ්ඩ අතින්වත් ඇල්ලීමට සිදු නොවේ. උදාහරණයක් ලෙස A නම් e-commerce වෙබ් අඩවියක 4$කට තිබෙන යම් භාණ්ඩයක් B නම් e-commorce වෙබ් අඩවියක් තුල 7$කට අලෙවි වේ නම් සහ එම වෙබ් අඩවිය තුල අපටද item sell කල හැකි නම් අපට එම භාණ්ඩය 7$ කට හෝ ඊට මදක් අඩුවෙන් එහි අලෙවි කල හැක. එහිදී පාරිභෝගිකයෙකු එම භාණ්ඩය ඇනවුම් කල විට ඔහුගේ හෝ ඇයගේ address එක අපට ලැබේ. එවිට අප කල යුත්තේ B web site එක තුලින් එම භාණ්ඩය ඇනවුම් කිරීමයි. එසේ ඇණවුම් කිරීමේදී address එක සදහා එම පාරිභෝගිකයාගේ address එක ලබා දිය යුතුයි. ඉතින් ඒ සදහා ඔබ ලග මුදල් තිබිය යුතුයි. පාරිභෝගිකයාට භාණ්ඩය ලැබුනු විට අපට අපගේ profit එකක් සමග මුදල ලැබේ. එවිට ඔබට 3$ ක ලාභයක් හිමි වේ. එසේම මෙලෙස විවිධ service සම්බන්ධව සිදු කරන ගනුදෙනු Drop servicing ලෙස හදුන්වයි. උදාහරණයක් ලෙස A නම් freelancing වෙබ් අඩවියක සාමාන්‍ය t-shirt design එකක් නිර්මාණය කිරීමට 10$ ගනී. B නම් freelancing වෙබ් අඩවියක සාමාන්‍ය t-shirt design එකක්නි ර්මාණය කිරීමට ගන්නේ 5$ කි. ඔබට design සම්බන්ධ skill එකක් නොමැති වුවත් මෙහිදී A වෙබ් අඩවියේ ගනුදෙනුකරුවෙකුගෙන් projects භාරගෙන B වෙබ් අඩවියේ අයෙකු හරහා කරවා ගෙන ගණුදෙනුකරුට ලබා දිය හැකි වේ. එවිට ලාභය ලෙස අපට 5$ක් ලැබේ. මෙවැනි අවස්ථා හදුනාගෙන පාර්ශ්ව දෙක අතර ගණුදෙනු පවත්වා ඔබට අතරමැදියෙකු ලෙස මුදල් ඉපැයිය හැකි වේ.
මේවා ඇත්තෙන්ම සාර්ථකද ?
මෙය ඇත්තෙන්ම කල හැකිද යන ගැටලුව ඔබේ සිතට යොමු විය හැකියි. ඇත්තෙන්ම මේවා හරහා විශාල සාර්ථකත්වයක් ලගා කර ගත් පුද්ගලයන් මෙන්ම මෙය අසාර්ථක වූ පුද්ගලයන්ද සිටිනවා. මෙහි සාර්ථක අසාර්ථකත්වය තීරණයවන්නේ ඔබ මතයි. ඔබගේ දැනුම , උනන්දුව , කැපවීම , marketing හැකියාව වැනි කරුණු මත සාර්ථක අසාර්ථකත්වය තීරණය වෙනවා. ඉතින් මේවා කිරීමට කලින් හොදින් දැනගෙන හදුනගෙන යොමු වීම තුලින් සාර්ථකත්වයට පත් විය හැකිය. ඒ වගේම මේ සදහා කැමැත්තක් තිබීම අනිවාර්ය වෙනවා. මේ සදහා මූලික වශයෙන් අවශ්‍යවන දෑ.
1 . භාණ්ඩ හෝ සේවා ලබා ගැනීමට තැනක්
ඔබට වැඩි මිලට අලෙවි කිරීමට නම් අඩු මිලට භාණ්ඩ හෝ සේවා ලබා ගත යුතු වේ. එනිසා මුලින්ම එවැනි ස්ථාන සොයා ගත යුතුය. එවැනි තැන් ඉදිරියට බලමු.
2 .භාණ්ඩ හෝ සේවා අලෙවි කිරීමට තැනක්
ඔබට අඩු මිලට භාණ්ඩ හෝ සේවා ලබා ගත හැකි තැනක් හමු වූයේ නම් ඒවා අලෙවි කිරීමට එම භාණ්ඩ හෝ සේවා ලාභයක් ලැබෙන පරිදි ගැලපෙන මිලකට අලෙවි කිරීමට සුදුසු තැන් සෙවිය යුතු වේ. අපි එවැනි තැන් ගැනත් ඉදිරියට බලමු. එසේත් නැතිනම් අප විසින් වෙබ් අඩවියක් අරඹා හොදින් Marketing කර අපිටම ආවේනික Online Presence එකක් සාදා ගත යුතුය. මෙය තරමක් අපහසු වුවත් මෙහි වැසි රාශියක් ඇත.
3 . Payment methods & Money
භාණ්ඩ හෝ සේවා විකිණීම සහ පාරිභෝගිකයා සදහා මිලට ගැනීමට ඔබට payment method එකක් අවශ්‍ය වේ. මේ සදහා PayPal, Skrill වැනි method මෙන්ම ඇතැම් තැන්වල bank card ද භාවිත කල හැක. PayPal ලංකාවට support නැතත් වෙන රටක නමක් යොදා ගිණුමක් සාදා ගනුදෙනු කල හැකිය. එමෙන්ම පාරිභෝගිකයා භාණ්ඩ හෝ සේවා ඇනවුම් කල විගස අප අතට මුදල් නොලැබිය හැකිය. ඒ නිසා ඔහු හෝ ඇය වෙනුවෙන් භාණ්ඩ හෝ සේවා මිලට ගැනීමට අප සතුව මුදල් තිබිය යුතු වේ. පාරිභෝගිකයා වෙත භාණ්ඩය හෝ සේවාව ලද පසු අපට අපගේ profit එක සමග මුදල ලැබේ. භාණ්ඩ හෝ සේවා ලබා ගැනීමට හා අලෙවියට ගැලපෙන තැනක් Dropshipping සහ servicing වලදී අඩු මිලකට ඇති තැනකින් වැඩි මිලකට ඇති තැනක sell කල යුතු බව අපි දනිමු. ඉතින් මේ සදහා අප e- commerce සහ freelancing web අඩවි ගැන මනා ලෙස ගවේෂණය කල යුතු වේ. මෙලෙස ගවේෂණය කොට මනා අවබෝධයක් ඇතිව පටන් ගැනීම සාර්ථකත්වයට මහත් පිටුවහලක් වේ. මෙලෙස ගවේෂණය කල යුතු තොරතුරු අතර,
- ලෝකයේ ඇති e-commerce සහ freelancing web අඩවි මොනවාද
- එක් එක් web අඩවි සදහා සාමාන්‍යයෙන් පැමිණෙන visitorsලා ප්‍රමාණය
- එක් එක් web අඩවිවලින් බහුලව භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නා රටවල්
- මිල ගණන්
- විශ්වසනීයත්වය
- selling සහ buyingවලදී එක් එක් ඒවාහි ඇති විශේෂතා ප්‍රධාන වේ.
මෙලෙස තොරතුරු එක් රැස් කර ඔබට හොදින්ම ගැලපෙන ඒවා buying සහ selling සදහා වෙන් කරවා ගත හැකිවනවා මෙන්ම ඒ ඒ platform පිලිබද දැනුම වර්ධනය නිසා පහසුවෙන් වැඩ කටයුතු කරගෙන යාමට හැකි වේ. Platform කිහිපයක Dropshipping සහ drop servicing කරන ආකාරය ඊලග කොටසේදී බලමු. ඊට ප්‍රථම මෙහි සදහන් කරුණු මනා ලෙස දැන ගැනීම වැදගත් වේ.
භාණ්ඩ හෝ සේවා තෝරා ගැනීම
Dropshiping & Drop servicing ගැන සොයා බැලීමේදී අප වැඩියෙන්ම අවදානය යොමු කල යුත්තේ භාණ්ඩ හෝ සේවා තෝරා ගැනීම කෙරෙහිය. හේතුව නම් අප තෝරා ගන්නා භාණ්ඩ මෙහි සාර්ථකත්වයට සෘජුවම බලපෑම් කිරීමයි. මෙතැන් සිට ඉදිරියට කියවීමේ පහසුව සදහා මා වැඩි වශයෙන් කතා කරන්නේ භාණ්ඩ සම්බන්ධවයි නමුත් service සදහාද මෙම කරුණු එක ලෙස බලපායි.
~ Find Trending Products
ඔබ Dropshipping සහ Drop Servicing කිරීමට බලාපොරොත්තුවන අයෙක් නම් ඔබට නිතරම research කිරීමට සිදු වේ. එනම් කාලෙයෙන් කාලයට trending යන items සොයා ගැනීමටයි. මේ සදහා ඔබට භාවිත කල හැකි විවිධ ක්‍රම පවතී. (මෙය වඩාත් වැදගත් වනුයේ Dropshipping සඳහා වේ) එක් ක්‍රමයක් ලෙස facebook යොදා ගත හැකිය. වැඩි වශයෙන්ම ප්‍රචාරණ කටයුතු සදහා යොදාගන්නා මාධ්‍ය videos වේ. එනිසා facebook හි වීඩියෝවලට ගොස් by now , trending product , get it low price වැනි ගැලපෙන keyword search කර බැලිය හැකිය. එයින් එන result වලින් වැඩි වශයෙන් like , comment, views තියෙන දේවල් trending product ලෙස සැලකිය හැකිය. මෙසේ search කිරීමේදී date එක one week වැනි ප්‍රමානයක් දී search කල යුතුය.
Google trends (https://trends.google.com) භාවිතයෙන්ද එක් එක් product සදහා ඇති ඉල්ලුම ගැන සොයා බැලිය හැකිය. එමෙන්ම ඔබ තෝරා ගන්නා platform තුලින්ද මෙය සිදු කල හැකිය. එක් platform එකක් තුල සිදු කරන ආකාරය ඉදිරියට බලමු. මෙලෙස trending සෙවිය හැකි ආකාර විශාල ප්‍රමාණයක් තිබෙන අතර මේ සදහා ඔබ හොදින් market එක ගවේෂණය කල යුතු වේ. ඔබ මෙය පටන් ගත්වි ටම අපහසු උනත් ටිකෙන් ටික අත්දැකීම් හරහා ඉගෙන ගත හැකිය.
~ තෝරා ගන්නා භාණ්ඩයේ මිල
sell කිරීමට භාණ්ඩයක් තෝරා ගැනීමේදී එම භාණ්ඩයේ මිල , shipping සදහා අය කරන වියදම යනාදී සියල්ල බලා හොද ලාභයක්ද තබා ගනිමින්වි කිණිය හැකි භාණ්ඩයක් තෝරා ගත යුතු වේ. එසේම ඔබ භාණ්ඩ මිලට ගැනීමට සූදානම් වෙන seller dropshipper කෙනෙකු නම් එම භාණ්ඩය මිල දී ගත හැකි ඊට වඩා අඩු වෙනත් තැනක් සොයන්න. බොහෝ විට Dropshipping කරන අය පවත්වා ගෙන යන්නේ general store එකක් වේ. එනම්වි විධාකාරයේ භාණ්ඩ ඔහුගේ store එකෙහි ඇත. එමගින් Dropshipping කරන අය ඔබට හදුනා ගත හැකිය.
~ Tracking
භාණ්ඩයක් මිලට ගැනීමේදී shipping method පවතී. භාණ්ඩය මිලට ගන්නා තැන මේවා ඔබට දැකිය හැකිය. මෙහෙදී ඔබ තෝරා ගන්නා shipping method එකෙහි tracking තිබීම අනිවාර්යයෙන් වැදගත් වේ.
~ ආකර්ෂණීය බව
නිවැරදිව ආකර්ෂණීය භාන්ඩ ගැන ගවේෂණය සදහා ඔබ යා යුත්තේ අලුත් seller කෙනෙක් වෙතයි. එයට හේතුව ඔබට ඉදිරියට කියවීමේදී තේරේවි. ඕනෑම e-commorce හෝ freelancing web අඩවියක අලුත්ම sellersලා සදහා web අඩවිය පැත්තෙන් උදවු නොකරයි. ඊට හේතුව විශ්වාසනීයත්වය ගැන සහතික විය නොහැකි නිසාවෙනි. එනිසා බොහෝ විට ඉහලටම කර පෙන්වන්නේ පරණ sellers ලා වේ. එසේම බඩු මිල දී ගන්නන්ද පෙලඹෙන්නේ පරන හොද reviews ඇති sellersලාගෙන් මිල දී ගැනීමටයි. නමුත් අප අලුත් sellersලගේ account බලා ඔවුන්ට වැඩි වශයෙන් order ලැබුණු භාණ්ඩ තෝරා ගත යුතුය. අලුත් වුවත් වැඩි වශයෙන් භාණ්ඩ අලෙවි වීමට හේතුව ඒවාගේ ආකර්ෂණීයත්වය බව අපට සිතිය හැකිය.
අපි ඊලග කොටසේදී web අඩවි තුල Dropshipping සහ Drop Servicing සිදු කරන ආකාරය බලමු.