What is Google Search Console?

google search console-image

Google Search Console යනුවෙන් අදහස් කරන්නේ Google සමාගම මගින් වෙබ් අඩවි බාවිතා කරන්නන් හට නොමිලේ ලබා දෙන ලද මෙවලමකි‍‍, සේවාවකි. මෙම Google search console එක බොහෝ විට Google web master tool එක ලෙසද හදුන්වනු ලබයි. දැනට ඔබේ තිබෙන වෙබ් අඩවි තුල හෝ අලුත් වෙබ් අඩවි තුල මෙම Google search console හරහා ඔබේ වෙබ් අඩවි නිරීක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීමට ඔබට ඉඩ සලසා දී ඇත. තනි පුද්ගල වෙබ් අඩවි හිමිකරුවන් රැසක් මේ ලෝකයේ සිටින අතර ගූගුල් සමාගම මගින් තනි පුද්ගල වෙබ් අඩවි හිමිකරුවන්  සමග සන්නිවේදනය කරන ප්‍රදාන මෙන්ම නිල ක්‍රමය මේ Google search console සේවා පද්ධතියයි. ඔබේ වෙබ් අඩවියේ පවතින ගැටළු සහ ඇති වී තිබෙන දෝෂ හදුනා ගැනීමට සහ දෝෂ වලක්වා ගැනීමට Google search console සේවාව මගින් හැකි වේ. ඒ වගේම මේ Google Search Console එක මගින් ඔබට ප්‍රධාන කාර්යයන් 02ක් ඉටුකරගන්න පුළුවන්.

01. Google Search Console එක මගින් ඔබට Keyword search කරගන්න පුළුවන්.

ඔබ ඔබේ website එක google search console එකට add කර පසු ඔබේ website එක සාමාන්‍යයෙන් මාසයකට වැඩිය පරණ නම් සහ ඔබේ website එකේ articles publish කරලා තියෙනවනම් ඔබේ google search console එකේ performance වල Queries යටතේ දැනට ඔබේ website එකට වැඩිපුරම traffic එක එන සහ මේ වෙනකොට rank වෙලා තියෙන keywords ඔයාට බලාගන්න පුළුවන් පහසුකම ලබා දීලා තියෙනවා. මෙතැනදී ඔයාට පුළුවන් මේ එක keyword එකක් අල්ලලා වෙනම article එකක් ලියන්න හෝ මෙම keyword එක ඇතුලත් article තවත් හොදට modify කරගන්න.

02. ඔබේ වෙබ් අඩවියේ Sitemap Add කර ගැනීම සදහා.

Sitemap එකක් කියන්නේ ඔබේ website එකේ සැලැස්මක් ලෙස හදුන්වන්න පුළුවන්. මේ sitemap එක search engines වලට උදව් කරනවා ඔබේ වෙබ් අඩවියේ content එක find, crawl and index part වලට. ඔබ WordPress භාවිතයෙන් නම් ඔබේ website එක හදලා තියෙන්නේ ඔයාට පුළුවන් Yoast / Rank Math වගේ SEO plugin මගින් ඔබේ website එකට අදාල sitemap ටික generate කරගෙන google search console හි sitemap වෙත add කරන්න.

මීට අමතරව Google search console එකෙහි තියෙන URL Inspection option එක මගින් ඔබේ වෙබ් අඩවියේ ඔබ දැනට publish කර ඇති Page එකක්, Post එකක් හෝ ඕනෑම URL එකක් Index කරගැනීම වේගවත් කරගැනීමට apply කිරීමට පහසුකම් ලබා දී ඇත.

හරි අපි දැන් බලමු ඔයාගේ website එක google search console එක වෙත add කරගන්නේ කොහොමද කියලා. මේකත් ඔයාට add කරගන්න ආකාර 02ක් තියෙනවා. ඒ වගේම ඔයාගේ වෙබ් අඩවිය Google search console වෙත ඇතුලත් කිරීමට ඔබ මුලින්ම https://search.google.com/search-console වෙත ගොස් start now button එක මගින් ඔබ ඔබගේ Google ගිණුමක් හරහා මෙයට සම්බන්ධ විය යුතුයි.

01. Add Domain (Domain Verification)

මෙහෙදී ඔබ ඔබේ website එකේ domain name එක පමණක් add කර යුතුය. (without https:// & www) ඔබේ domain name එක ලබාදී Continue ලබාදෙන්න. ඉන්පසු ඔබට appear වෙන Verify domain ownership via DNS record window එකේ එන code එක copy කරගෙන ඔබගේ Website එක host කර ඇති hosting එකේ C panel එකට log වෙලා එහි තියෙන Search box එකෙන් zone editor search කරගෙන ඔයාගේ domain එක ඉදිරියෙන් තියෙන Manage button එක click කරලා Add record drop down එක මගින් Add txt record ලබාදී Name එක යටතේ ඔබේ domain name එකත් record යටතට ඔබ copy කරගත් code එක paste කර Add Record ලබා දෙන්න. ඉන්පසු නැවතත් Google search console dashboard එක වෙත් ගොස් Verify button එක click කරන්න. ඔබ අදාල පියවරයන් නිසියාකාරව අනුගමනය කර ඇත්නම් Ownership Verified message එක ඔබට දැකගත හැකිය. ඔබ බාවිතා කරන Hosting Provider මත මේ steps ඇතැම් විට වෙනස් වෙන්න හැකියවා පවතිනවා.

02. Add URL Prefix

ඉන්සුව add url prefix මගින් ඔබේ website එකේ URL එක https:// සමගින් ලබාදී continue ලබාදෙන්න. (ඔබේ domain url එක www සමග බාවිතා වෙනවා නම් මෙහිදී www ත් ලබාදෙන්න) ඉන්පසු ඔබට Verify Ownership window එක දිස් වේ. මෙහිදී ඔබට HTML File / HTML Tag / Google analytics / Google tag manager / Domain name provider වැනි විවිද methods මගින් ඔබේ ownership එක verify කරගත හැකිය. ඔබ WordPress website එකක් නම් බාවිතා කරන්නේ Insert Headers & Footers plugin එක මගින් Verify Ownership Window එකේ HTML Tag option එක යටතේ ඇති code එක copy කරගෙන Insert Headers & Footers plugin එකට log වෙලා Scripts in Header යටතේ paste කරගෙන save ලබාදී, නැවතත් Verify Ownership window එකට log වෙලා HTML tag යටතේ ඇති Verify button එක click කරන්න. මෙහිදී ද ඔබ අදාල පියවරයන් නිසියාකාරව අනුගමනය කර ඇත්නම් Ownership Verified message එක ඔබට දැකගත හැකිය.

මිට අමතරව තවත් විදි තියෙනවා URL Prefix මගින් ඔයාගේ website එකේ URL එක search console එකට add කරන්න. මෙතැනදී මම කිව්වේ WordPress website එකක් කරගෙන යන ඔබට ලේසියෙන්ම URL එක add කරගන්න පුලුවන් method එකක්.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......