AdSense අදායම අතට ගන්නේ කොහොමද?

AdSense 05-image

ඊට කලින් ඔයාගෙ ගිණුම Verify විය යුතුයි. ඔයා $10 මුදලක් ඉපැයීමෙන් පසු Pin Number එකක් සහිත  Letter එකක් ඔයාට google එකෙන් එවනවා, මේක එවන්නේ ඔයාගෙ AdSense ගිණුම සදහා භවිතා කල Name & Address වලට අනුවයි. ඒ  Pin Number  එක AdSense Account එකේ අදාල තැන දාන්න  විතරයි තියෙන්නේ, Letter එක එන්න සති 1-4 අතර කාලයක් යනවා බොහෝ විට. Bank Details අදාල ස්ථානයේ Add කරගන්න. රතු පාට banner එකක් ආකාරයෙන් මේ සියල්ල AdSense ගිණුම තුල පෙන්නුම කරනවා. මේ සියල්ල සිදු වී ඇති පසුබිමක ඔබ අවම වශයෙන් $100 එම අදාල මාසය අවසන් වීමට පෙර උපාය ඇත්නම් ඒ මුදල ඊලග මාසයේ 21-26 අතර දින තුල Bank එකට ලැබෙනවා.

ඊට අමතරව එන ගැටළු මොනවද?

  • තවම කොච්චර Try කලත් Approve එක දෙන්නේ නැද්ද?

අර කලින් කියපු කාරණා ගැන හොදට ආයේ බලන්න. Adsense policies හොදට අධ්‍යනය කරලා ඔයගෙ website එකේ අවශ්‍ය වෙනස්කම් කරලා නැවත apply කරන්න.

  • අපේ තියෙන Website සේරටම එක AdSense Account එකක් භාවිතා කරාට කමක් නැද්ද?

Approve ගත්තට පස්සේ Website කීපයක Ads දැම්මට කමක් නෑ. එහෙම දාන්න පුළුවන්. එත් ඔයා ගාව තියෙන බිත්තර ඔක්කොම එකම මල්ලක දමන්න එපා වගේම ඔයා ගාව තියෙන සියලු මුදල් එකම සේප්පුවක දමන්න එපා, මොකද ඔයාගෙ එක  Website එකක ගැටළුවක් නිසා AdSense ගිණුම Banned වුනොත් අනිත් Website ටිකත් අපරාදේ.

  • එක්කෙනක්ට AdSense Account දෙකක් Use කරන්න පුලුවන්ද?

පුළුවන් කිහිපයක් වුනත්. එත් AdSense නීති වලට අනුව නම් එක්කෙනෙක්ට එකයි. කිහිපයක් ඔයාගෙ ගෙදර එකම ලිපිනයට Register කරනවා නම්, පව්ලේ කෙනෙකුගේ නමක් ඒ සදහා යොදාගන්න. මොකද Name & Address සම්පුර්ණයෙන්ම සමයි නම් Banned වෙන්න පුලුවන්, සහ එහෙම ඒවා Approve කරන්නේ නෑ.

  • වෙනත් රටක විදියට හදපු AdSense Account එකක තියෙන වෙනස මොකක්ද?

වෙනසකට තියෙන්නේ AdSense Account එක Register කරපු රට තමා. ඊට අමතරව සමහර අය වෙන රටවල ඒවා Use කරන්නේ Approve කරගන්න තියෙන පහසුව නිසා. American & European රටවල් වලට ලංකාවට වඩා පහසුවෙන් Approve  වෙනවා. ඒත් එහෙම Use කරන්නත් Address Verify කරගන්න මාර්ගයක් තිබිය යුතුයි. Payment නම් Payoneer Bank හරහා ලබා ගත හැකි රටවල් තියෙනවා. USA,UK,Germany,Italy වගේ ඒවා. Login ip එහෙමත් ඒ රටට අදාල ඒවා භවිතා කරන්න මොකද මේක ටිකක් අවදානම් වැඩක්. Adsense නීති වලට විරුද්දයි. හොදම දේ තම‍යි මෙහෙ විදියට හදාගන්න එක. මොකද එතකොට ගැටලු අවමයි.

  • AdSense වලට ලොග් වෙන්න වෙන Email එකක් Add කරගන්න පුලුවන්ද?

ඔව් පුළුවන්. Email වෙනස් කරගන්න හෝ තව Email එකක් Add කරගන්න පුලුවන්.

  • AdSense ගිනුම Banned නොවී තියාගන්නේ කොහොමද?

ඒක අමාරු දෙයක් නෙවෙයි. Google Adsense Terms & Condition වලට අනුව වෙබ් අඩවිය පවත්වන් යන්න. මුලිකවම තමන්ගේ Website එකේ Ads තමන් හෝ වෙන කාටවත් කියල Click කරවගන්න එපා. Ad Code කිසි  ආකාරයකින් වෙනස් කරන්න එපා. මොනම විදියකටවත් Fake Traffic or Click භාවිතා කරන්න එපා. Adsense නීති වලට අනුකුල Website සදහා පමණක් Adsense Account එක යොදාගන්න. Website එකට එන Visitor නොමග යන ආකාරයට Ad දාන්න  එපා. Social Media හරහා Traffic ගන්න අයෙක් නම්, බොරු දේවල් යොදාගෙන Traffic ගන්න එපා.

  • Adsense ගිනුම Banned වුනොත් නැවත ලබා ගත හැකිද?

99% නැවත ලබාගන්න බැහැ, Adsense එකේ තිබ්බ නොගෙවූ මුදල් වත් නැවත ලැබෙන්නේ නෑ. ඒ නිසා risk එකක් ගන්න වැඩ කරන්න එපා.

මේ ඔක්කොමත් හරි කියමුකො, දැන් කොහොමද  අපි Website එකට Traffic එක ගෙන්නගන්නේ.?

ක්‍රම කිහිපයක් තියෙනවා,

  • හොදම ක්‍රමය Website එක හරියට SEO කරන එක.

මේකට කාලයක් , ශ්‍රමයක් , මුදලක් වැය වෙන්න පුළුවන්, එත් ලොකු ආදායමකට යන්න පුළුවන් පහු වෙද්දී. දවස ගානේ Update කරන්න දේකුත් නෑ.

  • ඊළගට හොදම ක්‍රමය Social Media.

කාලයත් ශ්‍රමයත් ලොකුවට වැය  කරන්න වෙනවා මේකට නම්. දවස ගානේ වගේ Update කරන්න වෙනවා traffic ගන්න.

  • අනිත් එක Advertise කරන එක.

මේකට Google Adword හෝ ඒ වගේ  Advertising Networks, Social Media හෝ වෙනත් Websites වුනත් භාවිත කරන්න පුළුවන්, මේකෙදි වැඩියෙන්ම ඕන මුදල් තමා. අවදානමක් තියෙනවා මොකද බලාපොරොත්තු වෙන තරම් Click අවේ නැත්තන් වියදම් වුන ගානවත් නැති වෙන්නත් පුළුවන්.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......